ටෙස්ට් තරග දෙකකට, එක්දින තරග පහකට හා විස්සයි20 තරගයක් සඳහා එක්වීමට දකුණු අප්‍රිකා කණ්ඩායම ජුලි 04 දා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ජුලි 12 දා ගාල්ලේ දී පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගයෙන් තරගාවලිය ආරම්භවීමට නියමිතය. එක්දින තරගාවලිය ජුලි 29 දා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී හා තරගාවලිය නිමා කරමින් අගෝස්තු 14දා ආර්. ප්‍රේමදාස පිටියේදී විස්සයි20 තරගය පැවැත්වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අවසාන වතාවට දකුණු අප්‍රිකාව හමු වන්නේ දකුණු අප්‍රිකාවේදී වන අතර මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතිරි වන්නේ එක සුන්දර අත්දැකීමක් පමණි.දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී T20 තරඟාවලිය පමණක් ජයගත් අතර එක්දින තරඟාවලිය සහ ටෙස්ට් තරඟාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වන්නේ කිසිඳු තරඟයක් ජය ගැනීමට අපොහොසත් විය.

ජුලි12- 16 : පළමු ටෙස්ට් තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය…
ජුලි20-24 : දෙවන ටෙස්ට් තරඟය SSC ක්‍රීඩාංගනය
ජුලි29 : පළමු එක්දින තරඟය (දිවා තරඟය ) රන්ගිරි දඹුල්ල ක්‍රීඩාංගනය.
අගෝස්තු 1 : දෙවන එක්දින තරඟය (දිවා රාත්‍රී ) රන්ගිරි දඹුල්ල ක්‍රීඩාංගනය..
අගෝස්තු 5: තෙවන එක්දින තරඟය (දිවා තරඟය ) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය
අගෝස්තු 8: සිව්වන එක්දින තරඟය (දිවා රාත්‍රී ) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය
අගෝස්තු 12 : පස් වන එක්දින තරඟය (දිවා රාත්‍රී ) ඛෙත්තාරාම ක්‍රීඩාංගනය
අගෝස්තු 14 : එකම T20 තරඟය (දිවා රාත්‍රී ) ඛෙත්තාරාම ක්‍රීඩාංගනය

LEAVE A REPLY