ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පාකිස්තානු කන්ඩායමේ හිටපු දග පන්දු යවන ක‍්‍රිඩක මුෂ්ටාක් අහමඩ් බඳවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇතැයි ක්‍රික් ඉන්ෆෝ පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.

මුෂ්ටාක් පාකිස්තාන කණ්ඩායමේ හා එංගලන්ත කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරුවෙක් ලෙස සේවය කර ඇති අතර ඔහුද ශ්‍රී ලංකාවේ තනතුර පිළිබඳව අවධානය යොමුකර ඇතැයි වාර්තා වෙයි.

පාකිස්තානු ජාතක කණ්ඩායම වෙනුවෙනු ටෙස්ට් තරග 52කට හා එක්දින තරග 144ක සහභාගී වී ඇති මුෂ්ටාක් අහමඩ් ටෙස්ට් කඩුලු 185ක් හා එක්දින කඩුලු 161ක් බිද දමා ඇත

මීට අමතරව පන්දු රැකීමේ පුහුණුකරුවෙක් පිළිබඳවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධානය යොමුකර ඇත. හිටපු පන්දු රැකීමේ පුහුණුකරු මෙන්ම තාවකාලිකව ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු තළ නික් පෝතාස් සිය ධුරයෙන් ඉවත්විම හේතුවෙන් මෙම බඳවා ගැනීම සිදුකිරීමට නියමිතය.

නව තනතුරු දෙකම මාස දෙකක් ඇතුළත සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධානය යොමුකර ඇත.

LEAVE A REPLY