ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි පසුගියදා ඉන්දියාවේ ක්‍රීක් බස් වෙබ් අඩවිය සමඟ පැවති හමුවකදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරියේදී අවශ්‍ය වන තරඟ දිනවන්නන් පිළිබඳව පවසා ඇති අතර ඔහු මෙහිදී වැඩි වශයෙන් අවධානය යොමු කර ඇත්තේ මැණික් කටුව උපයෝගී කරගෙන පන්දුව දඟ කවන ක්‍රීඩකයන් කණ්ඩායමට එකතු කර ගැනීම සම්භන්දවය.

අශ්වින් ,ජඩේජා වැනි පන්දු යවන්නන් පසෙක තබා ඉන්දීය කණ්ඩායම කුල්දීප් යාදව් ,යශ්න්ද්‍ර චහාල් වැනි ක්‍රීඩකයන් වෙත වැඩි අවධානයක් යොමු කිරීමෙන් ඔවුන් තරඟ දිනවන්නන් බවට පත්වූ අකාරයෙන් ශ්‍රී ලංකාවද එවැනි පන්දු යවන්නන් සොයාගත යුතු බව ලැබ්රෝයි පවසා ඇත.

එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේදී පළමු පන්දු යවන්නන් 10 දෙනා අතර මෙවැනි පන්දු යවන්නන් 3 දෙනෙකුම සිටීම ලැබ්රෝයි මෙවැනි පන්දු යවන්නන් සෙවීමට තවත් හේතුවක් වී ඇත.බංගලාදේශ තරඟාවලිය සඳහා වයස 35ක් වන ජීවන් මෙන්ඩිස් කැඳවීම්ද මැණික් කටුව උපයෝගී කරගෙන පන්දු දඟ කවන්නන් පිළිබද ශ්‍රී ලංකා අවධානය යොමුවී ඇති බවට උදාහරණයකි.

“සීමිත පන්දුවාර තරඟවලට මැණික්කටුව උපයෝගී කරගෙන දඟ කවන ක්‍රීඩකයෝ ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්,තණතිල්ලෙන් සහයක් ලැබුනේ නැතත් මේ පන්දු යවන්නන්ට පන්දුව දඟ කවන්න පුළුවන්,ඇඟිලි වලින් දඟ කවන පන්දු යවන්නෝ ඒ වගේ තණතිල්ලක වැඩක් නැති වෙන්න පුළුවන්,ඒ නිසා අපි 2019 ලෝක කුසලානය ගැන හිතද්දී මේ වගේ පන්දු යවන්නෙක් එක්ක යන්න ඕන.ජීවන් මෙන්ඩිස් දැනට අපිට ඉන්නවා.වනිඳු ගැන අපි ලොකු බලාපොරොත්තු තියා ගත්ත හැබැයි එයා දීපු අවස්ථාවල හරියට කලේ නෑ.අපිට කවුරුන් වුනත් ප්‍රශ්නයක් නෑ ඒ වගේ දඟ පන්දු යවන්නෙක් තමයි ඕන.”

ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ද පා දඟ පන්දු යවන්නෙකු කණ්ඩායමේ සිටීම ගැන අවධානයෙන් සිටින බවද ලැබ්රෝයි පවසා ඇත.”වැන්ඩසේ අපි අපේක්ෂා තියාගෙන ඉන්න දක්ෂ පන්දු යවන්නෙක්,අවාසනාවකට එයා අභාද නිසා පහුගිය කාලේ දිගට ක්‍රීඩා කලේ නැ,ඊට පස්සේ විවාහය නිසා බංගලාදේශ තරඟාවලියට සම්භන්ද කරගන්න වුනේ නෑ.ඉදිරියේ ඔහුටත් අවස්තාව ලැබෙයි,අපේ ප්‍රධාන පුහුණු කරුවත් මේ වගේ පන්දු යවන්නෙක් කණ්ඩායමේ තියාගැනීම ගැන අවධානය යොමු කරලා තියෙන්නේ.”

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ශරීර යෝග්‍යතාවය කෙරෙහිද තේරීම් කමිටුව අවධානය යොමු කර ඇති බවද මෙහිදී ලබ්රෝයි පවසා ඇත.”අපේ කණ්ඩායමේ සිදුවන ආබාද ගැන අපි අවධානය යොමු කරලා තියෙන්නේ,කණ්ඩායමේ ඉන්න අය තමන්ගේ ශරීර යෝග්‍යතාවය ගැන වැඩිපුර හිතන්න වෙනවා,උදාහරණයක් විදියට තිසර පහුගිය කාලෙම ටෙස්ට් ගැහුවේ නෑ,අපි දැන් ඔහු දින හතරේ තරඟවලට යොමු කරලා තියනවා,එතනින් අපිට ශරීර යෝග්‍යතාවය තබාගැනීම ගැන ක්‍රීඩකයෝ යොමු කරන්න පුළුවන්.”

නව පුහුණුකරු චන්දික හතුරුසිංහගේ පුහුණුකාරීත්වය යටතේ ශ‍්‍රි ලංකා කණ්ඩායම මෙම වසරේ පැවැති පළමු සංචාරය ඉතා සාර්ථකව නිම කළත් නිදහස් කුසලාන තරගාවලියේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමට තරග 04කදී ජයග‍්‍රහණය කළ හැකිවූයේ එක් තරගයක් පමනි.ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලැබිරෝයි පවසා සිටියේ නිදහස් කුසලානයේ අවසන් තරගය ක‍්‍රීඩා කිරීමට නොලැබිමට කණ්ගාටුවක් බවයි

නිදහස් කුසලානයේ අවසන් තරගයට එන්න බැරිවුණ එක ගැන කණගාටුයි..ඒත් පසුගිය මාස 07 හෝ 08 අපි ක‍්‍රිඩා කළ ආකාරයට වඩා අපේ ක‍්‍රිඩකයින් ගොඩක් සාර්ථකයි.ලකුණු 214ක් ආරක්ෂාකරගන්න බැරි වුන එක ගැන කිසිම සමාවක් නෑ..ඒත් අපේ පිතිකරුවන් ලකුණු අතරට ආපු එක ධනාත්මක දෙයක්..

LEAVE A REPLY