කොලඹ ගාලු මුවදොර ඉදිරිපිට ශ්‍රී ලංකා යුධ හමුදා මූලස්ථානය පිහිටි ඉඩම ෂැන්ග්‍රීලා සමාගමට සතියක් ඇතුලත සින්නකරව ලබා දී ඇත්තේ එම හෝටලයේ කොටස් රාජපක්ෂ පවුලට ලබා ගැනීමෙන් පසුව බවට හෙළි වී තිබෙනවා.

ශ්‍රී ලංකාවට අතීශයින් වාණිජ මට්ටමින් වටිනාකමක් පැවති මෙම ඉඩම් කොටස එහි නිසි වටිනාකමින් තොරවම හුදෙක් තම පෞද්ගලික ලාභය තකා ලබා දී ඇති බවට මීට පෙර අප විසින් හෙළි කර සිටියා.

ඒ වෙනත් පුද්ගලයන්ගේ නම් වලට එම කොටස් ලබා ගැනීමෙනුයි.

ෂැන්ග්‍රිලා හෝටලයේ කොටස් තනි පුද්ගලයන්ට ලබ ගැනීමට නොහැකි බැවින් රාජපක්ෂලා සිදු කර ඇත්තේ, ෂැන්ග්‍රිලා හොටෙල්ස් ලංකා නමින් සමාගමක් (Shangri-La Hotels Lanka Pvt Ltd) විවෘත කර ඒ හරහා ෂැන්ග්‍රිලා හෝටලයේ කොටස් ලබා ගැනීමයි.

ෂැන්ග්‍රිලා හොටෙල්ස් ලංකා සමාගමේ ලියාපදිංචි අංකය Company Reg No: PV-75660

රාජපක්ෂලාගේ මෙම කොටස් සියල්ල මෙහෙයවනු ලබන්නේ, “මොහොමඩ් සජාඩ් මව්සූන්”(Mohamed S. Mawzoon) නම් පුද්ගලයෙක් විසිනුයි. ඔහු රාජපක්ෂ පාලනයේ සිටි ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙක් වන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඔහු රාජපක්ෂවරුන්ගේ ෂැන්ග්‍රිලා හොටෙල්ස් ලංකා සමාගමට අමතරව වෙනත් සමාගම් කිහිපයකම විවිධ තනතුරු දරනු ලබනවා.

ඒ පිළිබඳ විස්තර පහතින්,

රාජපක්ෂ පාලන සමයේ ආරක්ෂක ලේකම් වරයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම ගනුදෙනුවේදී කිසිදු පැකිලීමකින් තොරව අදාළ ඉඩම සින්නකරයට ලබා දීමට කටයුතු කොට තිබුනේ ආයෝජන සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමට බව කියුවත් ඇත්ත කතාව වෙන එකක් බව මේ වනවිට හෙළි වෙමින් පවතිනවා. එදා හමුදා මුලස්ථානයේ ඉඩම් ලබාදුන් හැටි උජාරුවෙන් කියන හැටි පහතින් දැක්වෙන අතර රටේ ඉඩම් කුණුකොල්ලයට ලබා දෙමින් දේශප්‍රේමී සළු පොරවාගෙන මිලියන ගණන් තම සාකුවට දමා ගනිමින් නොනැවතී රටේ සම්පත් විකුණා එම ව්‍යාපාරවල කොටස් තමන්ට ලියවා ගැනීම කොතරම් කෙදජනක කාරණාවක්ද යන්න බුද්දිමත් ජනතාවගේ අවධානයට යොමු විය යුතුය.

මේ අතර තොරතුරු වාර්තා වන අන්දමට ගාලු මුවදොර ඉදිරිපිටි පිහිටි ශ්‍රී ලංකා යුධ හමුදා මුලස්ථානය සම්පුර්ණයෙන් ඉවත් කර ෂැන්ග්‍රීලා හෝටලය ඉදිකරන්න ඉඩම ලබාදීම නිසා හමුදා මුලස්ථානයේ තිබූ විවිධ අංශ වල ශාඛා කොළඹ නගරයේ කුලියට ගත් ගොඩනැගිලිවල ස්ථාපිත කිරීමටයි සිදුව ඇත්තේ.

එම ගොඩනැගිලිවල මාසික කුලිය රුපියල් කෝටි 44 ක් බවටත් වාර්තා වෙනවා. වසරකට රුපියල් කෝටි 500 ක් පමණ වැය වන බවටත් වාර්තා වෙනවා. මේ වනවිටත් එම ගොඩනැගිලි සදහා රුපියල් කෝටි 2500 ක් වැය කර තිබෙනවා.

ෂැන්ගීලා හෝටලයට ඉඩම ලබාදීමෙන් රජයට ලැබී ඇත්තේ රුපියල් කෝටි 825 ක් පමණයි.

වර්තමානයේ රටේ ආරක්ෂාව ගැන සඳහන් කරමින් දේශපාලන වාසි ලබා ගැනීමට මහා පරිමාණයෙන් කථා කරන රාජපක්ෂලා යුද්ධය අවසන් කරපු ආරක්ෂක හමුදාවන්ගේ ප්‍රධාන නිවෙස්නය සහ රටේ ආරක්ෂක මුලස්ථානයත් හෝටල් හදන්න දුන්නේ ඇයිද යන්න මෙම හෙළිදරව් කිරීම් වලින් මැනවින් පිළිඹිබු වේ.

LEAVE A REPLY