අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරි පැය කිහිපය ඇතුලත සිය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා ගණනාවකම වාර්තා පලවෙයි.

තම පක්‍ෂයෙන් මෙන්ම ශ‍්‍රීලනිපයෙන්ද එල්ල වන දැඩි පීඩනය හමුවේ අගමැතිවරයා මෙම තීරණය ගනු ඇති බව සදහන්ය.

යම් හෙයකින් ඉල්ලා අස්නොවී විශ්වාස භංගයේ ඡන්ද විමසීමේදී පරාජයට පත් වුවහොත් එක්සත් ජාතික පක්‍ෂයට ආණ්ඩුවම අහිමි වීමේ අවදානමක් ඇති බව අගමැතිවරයාට මේ වන විටත් ශ‍්‍රීලනිපය විසින් දැනුම් දී ඇත.

ඒ තත්වය මත තව දුරටත් ජාතික ආණ්ඩුව රැුක ගැනීම සදහා සුදුසුම පියවර ලෙස ඉල්ලා අස්වීම සුදුසු බව එජාප ප‍්‍රබලයින් විසින් පෙන්වා දී ඇති බවද පැවසෙයි.

එමෙන්ම ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් ඉදිරියටත් එජාප නායකත්වයේ රැදී සිටීමට හැකියාවක් ඇති බවද අගමැතිවරයාට පෙන්වී දී ඇත.

  • පුවත් මුලාශ්‍රය – lankacnews.com

LEAVE A REPLY