ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නව සැසි වාරය අද (08) පස්වරු 02.15ට ආරම්භ කිරීමට නියමිතය. ඒ ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් පත‍්‍රයකින් ප්‍රකාශ කළ අන්දමටය.

නව සැසිවාරය විවෘත කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හෙවත් රාජාසන කතාව අද දිනයේ පැවැත්වීමට නියමිතය.

අද දින පාර්ලිමේන්තුවට ආරාධිතයන් විශාල පිරිසක් සහභාගි වන බැවින් විශේෂ පොලිස් ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත. මහජන ගැලරිය ද ආරාධිතයන්ට පමණක් සීමා කෙරේ.

අද (08දා) ජනාධිපතිවරයා විසින් ඉදිරිපත්කරනු ලබන රාජාසන කතාව සම්බන්ධයෙන් විවාදයක් ලබන 10වැනිදා දවස පුරා පැවැත්වීමට පක්‍ෂ නායක රැස්වීමේදී පසුගිය 03දා තීරණය වී තිබේ.

මේ අතර ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රීලනිප 16දෙනා අද විපක්‍ෂයේ අසුන් ගැනීමට නියමිතය. ඒ අතර එම කණ්ඩායමේ එක් සාමාජිකයෙක් එම අසුන් ගැනීම පිළිබඳ පාර්ලිමේන්තුව අමතා විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමටද නියමිතව තිබේ.

LEAVE A REPLY