රජරට සහ උතුර සශ්‍රික කරනා සිහිනය යථාර්තයක් කරමින් මොරගහකන්ද මහා ජලාශයේ මංගල දියවර නිකුත් කෙරුනේ පසුගිය ජනවාරි 8 වනදා ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අතින්. ගොවිතැනට අවශ්‍ය ජලය හිඟකමින් දුක් පිඩා විඳින රජරට ගොවි ජනතාව වෙනුවෙන් සිය යුතුකම ඉටු කරමින් මොරගහකන්ද සිහිනය මල්ඵල ගන්වන්නට මෛත්‍රී ජනාධිපතිවරයා සිය උපරිම උත්සාහය යොදා කටයුතු කල බව සියලු දෙනා දන්නා කරුණක්.

 

 

එදා නිකුත් කල මංගල දියවරෙන් සිය වගාවන් සිදුකර අස්වැන්න නෙලා අවසන් කරන්නට ගොවි ජනතාව සමත් වූ අතර එහි විශේෂත්වය වන්නේ රජරට ප්‍රදේශයට වෙනදා ඇද හැලෙන වර්ෂාව කන්න කිහිපයකින් නොලැබුනත් මොරගහකන්ද ජලාශයේ රැස්කළ ජලයෙන් ඔවුනට මෙවර යල් කන්නය සරුසාර කරගන්නට හැකි වීමයි.

තමන්ට බත සරිකරගන්නට මෙවර උපකාරය වූ මොරගහකන්ද මහා ජලාශයට සිය යුතුකම් ඉටු කරන්නට ගොවි ජනතාව අමතක කලේ නෑ… අද හිමිදිරි උදෑසනින් සිය අස්වැන්නේ අග්‍ර කොටස රැගෙන ජලාශ බැම්ම වෙත ඔවුන් පැමිණියේ ජලාශ බැම්ම මත කිරි උතුරුවා තමන්ගේ අස්වැන්න සශ්‍රික කල ජලාශයට හා එයට අධිගෘහිත දෙවි දේවතාවුන්ට සිය කෘතගුණ සලකිමටයි…

ඒ අනුව අද දිනයේ ගොවි පවුල් රැසකගේ සහභාගිත්වයෙන් සහ මහවැලි අධිකාරියේ නිලධාරීන්ගේද සහයෝගයෙන් කිරි ඉතිරවීමේ මංගල්‍යය ඉතා සාර්ථකව පැවති බව වාර්තා වනවා. මේ අවස්ථාවට සංඝරත්නය සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වූ අතර ජනපති දියණිය වන චතුරිකා සිරිසේන මහත්මියද සහභාගිවූ බවයි වාර්තා වන්නේ…

LEAVE A REPLY