ශ්‍රී ලංකාවේ IPL ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රියතම කණ්ඩායමක් වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර IPL තරඟාවලියේ නොසිතු විරු කඩා වැටීමකට ලක්වී ඇති අතර මීට හේතු වී ඇත්තේ කුමක්ද යන්න තවමත් විසදී නැති ප්‍රශ්නයක් වී ඇත.මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පසුගිය වර IPL ශුරතාව දිනාගත් කණ්ඩායම වන අතර ඔවුන් 2018 තරඟාවලියේ මේ දක්වා මුහුණ දුන් තරඟ වලින් ජය ගන්නට සමත් වී තිබෙන්නේ එක තරඟයක් පමණක් වීම විශේෂත්වයකි.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර ක්‍රීඩා කරන්නේ රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් වන අතර පුහුණු කරු වන්නේ පසුගිය වර කණ්ඩායම පුහුණු කල මහේල ජයවර්ධනමය.නමුත් ඔවුන් මෙලෙස පරදින්නේ ඇයි.මෙයට බොහෝ හේතු අපට දැක්විය හැකි වුවද ප්‍රධාන හේතුව ලෙස මුම්බායි පවුල අවුල් වීම පෙන්වා දිය හැක.

IPL වෙන්දේසියේදී මෙවර මුම්බායි කණ්ඩායමේ තීරණ ගන්නා අය වෙනස් තීරණ කිහිපයක් ගනිමින්,පසුගිය කාලයේ මුම්බායි කන්ඩායම වෙනුවෙන් වැඩියෙන්ම කැපවූ ක්‍රීඩකයන් වූ ලසිත් මාලිංග,ලෙන්ඩි සිමන්ස්,අම්බති රයිදු,හර්බජාන් සිං වැනි ක්‍රීඩකයන් අමතක කර දමා තිබිණි,මුම්බායි කන්ඩායමේ මේ තීරණය ගැන මුම්බායි නිල ෆේස් බුක් පිටුවට අදහසක් එක් කර තිබුන මුම්බායි රසිකයකු පවසා තිබුනේ මුම්බායි කණ්ඩායමේ මෙම තීරණය වැරදි තීරණයක් බවත් මේ සඳහා ඔවුන්නට තරඟාවලියේදී පාඩම් ඉගනගත හැකි වනු ඇති බවත්ය.

ඔහු වැඩි දුරටත් පවසා තිබුනේ එකම පවුලක් ලෙස සිටි මුම්බායි පවුල කඩා දැමීමේ ශාපය තරඟාවලියේදී විඳ ගන්නට සුදානම් වන ලෙසය.ඔහු පැවසු අන්දමටම තරඟාවලියේ පළමු තරඟයේ සිට එකිනෙක ක්‍රීඩකයන් අතර හොඳ අවභෝදයක් නැතිව ක්‍රීඩා කල මුම්බායි කණ්ඩායමට තරඟාවලියේ ඇතැම් තරඟ වල අවාසනාවද බල පෑ ආකාරය දැකගත හැකි විය.කෙසේ වෙතත් මෙවර IPL තරඟාවලියේ අනෙක් කණ්ඩායම් පෙන්වන තරඟකාරීත්වය සමඟ මුම්බායි කණ්ඩායමට සුපිරි කණ්ඩායම් හතරට පැමිණීමේ අවස්තාව ලැබෙනු ඇතැයි සිතීමට පවා නොහැකි වාතාවරනයක් මේ වන විට උදා වී ඇත.

  • මුලාශ්‍රය – http://www.ceylonewsweb.com

LEAVE A REPLY