පසුගිය අප්‍රේල් වනදා සිට 15 දක්වා ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නිමාවට පත්වුයේ ශ්‍රී ලංකාවට සුවිසේෂි ජයග්‍රහණ රැසක් අත් කර දෙමින් වසර 80ක පොදු රද මඬුලු ඉතිහාසය අළුතින් ලියවමින් අපේ කොල්ලෝ කෙල්ලෝ පදක්කම් 6ක් ලක් මෑණියන්ගේ ධජය ලොවටම පෙනෙන්නට ඉහල නංවමින් දිනා ගත්තා. මෙවන් සුවුශේෂී ජයග්‍රහණයක් ලැබූ අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබීය යුතු පිළිගනිම ලැබුනාද යන්න ප්‍රශ්නාර්ථයක්. අපේ රටේ ප්‍රධාන පෙලේ මාධ්‍ය කෝටි ගණන් වියදම් කොට රියැලිටි ෂෝ වල කාඩ් බෝඩ් වීරයින් පුම්බන්නට දරන උත්සාහයෙන් දශමයක් හෝ මෙවන් ජාතික විරුවන් වෙනුවෙන් මිඩංගු කරනවානම් එය රටට ජාතියට වටිනා දෙයකි.

සමාජ ජාල ලෙස අපට හැකි අයුරින් අපේ වගකීම අප ඉටුකරන්නෙමු…

කෙසේ වෙතත් පොලොන්නරුව මින්නේරිය ප්‍රදේශයේ සිට බොක්සිං ක්‍රීඩාවෙන් ලක් මෑණියන් සැරසු ඉශාන් බණ්ඩාර ක්‍රීඩකයා පිළිගන්නට ප්‍රදේශවාසින් හා ඔහුගේ පාසලේ ආදී සිසුන් කටයුතු කර තිබු අතර ජාතන්තරය දිනා ලක්බිමට පැමිණි ඉශාන් සහ අනෙකුත් ක්‍රීඩකයිට ලැබීය යුතු පිළිගැනීම නොලැබීම පිළිබඳව ඔහුගේ මිතුරකු තැබූ සංවේදී ෆේස්බුක් සටහනක් පහතින්…

සැලකිය යුතුයි මේ දේවල් ක්‍රීඩකයන්ගෙන් ලබාගත් තොරතුරු මත නොවන බවත් අප සොයාගත් සත්‍යයත් බවත් ලධාරීන් කාරුනිකව සලකන්න.හේන්යාය නම් පුන්ච් ගමේ ඉපිද නාගලකන්ද මහා විද්‍යාලයෙන් සිප්සතර හැදෑරූ ඔහුට සැප පහසු ඒ සී කාමර ඇති ගෙවල් තිබුනේ නැත,රසබොජුන් තිබුනේ නැත,විවිධ ලෙස මුදල් වියදම් කර ලොකු ලොකු මුදලාලිලාගේ පුත්තු ශක්තිය වඩවන්නට ගන්න suppliments තිබුනේ නැත,ඔහුට තිබුනේ තමන්ගෙ පියා, මව්තුමිය දුක් විඳල ලිපි ගිනි කාලා සෙනෙහසින් ලබාදුන් බත් ටිකේ හය්යත් තමන්ගෙ පාසල,ගමේ මිනිස්සු,තමන්ගෙ‍ යාලුවෝ,කොටින්ම පන්සලෙන් ලබාදුන් ගුනගරුකකම මේ සියල්ල වගේම තාත්තාට බයෙන්,ලොකු අය්යට පොඩි අය්යට බයෙන් ඔවුන්ගේ දැනුමින් ඉගෙනගත් සටන් කලාවත් තරවටු කිරීමත් තුල ලැබූ විනයගරුක සටන්කාමීත්වය සහ ආත්ම විශ්වාසයත්, ධෛර්ර්යමත් බවත් පමණි,ඒ තුලින් ඔබ ලොවක් ඉදිරියේ පෙන්නුවේ හෙළයින්ගේ උරහිසේ ඇති ශක්තිමත් බවයි,රටවල් 73ක් අභිබවමින් සින්හලේ ධජයයි ඔබ ලොවක් ඉදිරියේ එසවූයේ එයට අපිත්,නාගලකන්ද ආදී සිසුන්ට,ගමේ මිනිස්සුන්ට ඔබට දෙන්න පුළුවන් ගෞරවය හදිසියේ සංවිධානය වී හෝ චාම් ලෙස ලබාදුන්නා කියා අපි ආඩම්බර වනවා.

ඒ අතරට ආශිර්වාද කරන්නට එක්වූ මහා සංඝරත්නයට පාද නමස්කාර පූර්වක ස්තුතිය පුද කරනවා,ඒ වගේම අපිට ගමේකමෙ හයිය දුන්න කොල්ලො ඔක්කොටම ගොඩාක් ස්තුතිය, ඒ පෙන්නුවේ අපේකමේ හය්යය් ශක්තියයි එකමුතුකමයි ඒ දේවල් වලට ගොඩාක් ආදරේ.
නමුත් මේ රටේ පාලකයන් ක්‍රීඩාවට ලබාදෙන දායකත්වය ගැන ඇත්තටම ඇත්තේ හිරිකිතය පිරි පිළිකුළකි පාට පක්ෂ අදාළ නැත අඩුපාඩු කොතැනද අපි එතැනට සම්පූර්ණයෙන් විවේචනය කරන්නට පැකිලීමක් නැත.

කටුනායක ගුවන් තොටුපලින් ලන්කාවට පැමිණි අපේ දක්ෂයන්ව ඉදිරියේ තබාගෙන ඇතැමුන් media වලට වොයිස් කට් දුන්න,ෆොටෝ ගහල fb දැම්මා,නමුත් පොලොන්නරුව වගේ colombo වල සිට ගොඩාක් දුරකින් ඇවිත් ලොවක් ඉදිරියේ රටක අභිමානය ලොවට කියා දුන්න අපේ විරුවන් පදක්කමත් දාගෙන බස් එකේ නැගල ගෙදර ගිහින් බහින්න වෙනවා කියලා නොදැන නොවේ
ඔවුන් ෆොටෝ ටිකක් ගහල සැප වාහනවල නැගල ගෙදර ගියේ, ඒ අපේ රටේ අභිමානවත් බලධාරින්ගෙ හිරිකිත කෙරුවාවයි,නමුත් අපේ ගම්වල මිනිස්සු නාගලකන්ද ඕ බී එකේ ආදී සිසුන් ඔහුට දෙන්න ඕන ගෞරවය චාම් ලෙස දුන්න කියලා හිතනවා..

නමුත් අප රට තුල ක්‍රීඩාවට බලධාරීන් ලබාදෙන තැන ගැන කතා කරන්නට අපේ නිහතමානී ක්‍රීඩකයන් කැමැති නැත මන්ද ඔවුන්ගේ කටවල් මෙරට දේශපාලනඥයන්ගේ කටවල් මෙන් වාචාල නෑ ,ඒ ඔවුන්ට හොඳ විනයක් දරාගැනීමේ හැකියාවක් පුහුණු කරලා තියෙන නිසා,නමුත් මේවා දකින අපි අන්ධයන් මෙන් සිටීම අපේ කොන්දට හරි නෑ.
ඒ වගේම අපේ රටේ media මෙවැනි දේවල්වලට ලබාදෙන coverage එකේ ඇති හිඟය හරිම ශෝචනීයයි මොකද බිකිනිය පිටින් රටකටම පේන්න පස්ස නටවලා ජයගත්තු ගැණියක් ආවොත් ඒ සදහා ලබාදෙන media coverage එකත්,රටේ අහින්සක මිනිස්සුන්ගෙ බදු මුදල් කොල්ලකාල එන දේශපාලනඥයකුට ලබාදෙන media coverage එකත් ගැන ඇත්තේ හරිම හිරිකිතය පිරි පිළිකුළකි,ඒ නිසා මේ සියල්ල තුල අපි රටක් ලෙස පෙන්වන්නේ අපේ ප්‍රාථමික මානසිකත්වයයි
ඒ නිසා තමයි (man hunter)හරි super dancer හරි එනකොට සැප පහසු වාහනත් මුදලින් ලොකු ත්‍යාගත් ලබාදීමට කටයුතු කරන්නෙ ඇතැම් අයට මේ කතා නී රස වන්න පුලුවන් ඒකයි ඒත් තිත්ත ඇත්ත,

ඒ නිසා මෙ රටේ පක්ෂ භේදයකින් තොරව පාලකයින්ගෙනුත්,රේට්ස් ඉහලට දාගන්න අහන්නෙ බලන්නෙ මොනවා ද කියල අහපුවාම නිකරුනේ සල්ලි උඩ දාන මාධ්‍ය ආයතනවලිනුත් ඉල්ලීමක් කරනවා පුලුවන්නම් මේ දේවල් අවම කරන්න හරි උත්සාහ කරන්න,ඒක එක අතකින් ආයාචනයක්,ඉල්ලීමක්.

නී රස වුවද තිත්ත ඇත්ත…

ලසන්ත කුලසේකරගේ සටහනක්…

LEAVE A REPLY