මේ දිනවල සමාජ මාධ්‍ය වලට තවත් හොඳ කටගැස්මක් හසු වී තිබේ. ඒ ජනාධිපතිවරයා සමඟ බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල සැසිවාරයට සහභාගී වී සිටින ගිහානි වීරසිංහ නමැත්තියක් අල්ලාගෙන ජනාධිපතිවරයාට පහර ගසන්නට පටන්ගෙන තිබීමයි.

පොදුරාජ්‍ය මණ්ඩළ සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපතිවරයා සමඟ සහභාගී වූ සංඛ්‍යාව 32 ක් වන අතර එයට ජනාධිපති ආරක්ෂක අංශයට අනියුක්ත කළ සාමාජිකයන්ද ඇතුලත් වී තිබේ. මේ දිනවල අන්තර්ජාලය කළඹවමින් සාකච්ඡාවට බඳුන්වන මොහාන් පෙරේරා සහ ගිහානි කිසිසේත්ම ජනාධිපතිවරයාගේ නිළ රාජ්‍යතාන්ත්‍රික ඇතුලත් නොවන අතර, ඔවුන්ගේ ආසියානු – යුරෝපීය වෙළඳ එකමුතුව නම් සංවිධානයද කිසිඳු රාජ්‍ය මැදිහත්වීමකින් තොරව පාලනය වන්නක් බවත් ඔවුන්ගේ සංචාරයට අවශ්‍ය සියලු වියදම් පෞද්ගලිකවම දරා ඇත්තේ ඔවුන් විසින් බවත් වාර්තා වේ.  ගිහානි මොහාන් සමඟ පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සමුළුවට එක්ව ඇත්තේ රජය සමඟ නොවන අතර මොහාන් පෙරේරා සභාපතිත්වය දරන රාජ්‍ය නොවන ව්‍යාපාරික ප්‍රවර්ධන ආයතනයකට ලැබුන ඇරයුමකට අනුව බව සාක්ෂි සහිතව  ඔප්පු වන්නේ මෙම හැඳුනුම්පතේ ඇති විස්තර සමඟිනි.

එමෙන්ම ගිහානි වීරසිංහ නැමති කාන්තාව සම්භන්ධ කරගනිමින් ජනාධිපතිවරයාට නිර්දය ලෙස මඩ ගහන අන්තර්ජාලයේ ඕපදූප කාරයින්ට මතක් කර දිය යුතු වන්නේ ගිහානි වීරසිංහගේ සැමියා වන මොහාන් පෙරේරා ප්‍රධානීත්වය දරන ආයතනාදිය සම්භන්ධයෙන් සොයා බැලීම හා ඒවා සිදු කෙරුනේ කාගේ උවමනාව හා අනුදැනුම මතද යන්න පිළිබඳව සොයා බැලීම සහ ඒවා හෙළි කිරීම වඩා වැදගත් බවයි. එයට උපකාරයක් ලෙස පහත වීඩියෝව උපයෝගී වේ යයි සිතමු. ජාතික මට්ටමේ ආයතන වලට සමාන නම් යොදා ගනිමින් මොහාන් පෙරේරා නටන්නේ කාගේ උවමනාවටද යන්න ඉදිරියේදී හෙළි දරව් වනු ඇත. ඔහු කොමිස් කාක්කන්ගේ කුට උපක්‍රම වල ඉත්තකු වී ඇති බව මෙම වීඩියෝවේ මනාව කියවේ…

ඉහත වීඩියෝවේ කියනා ආකාරයට මෙම කූට සංගම් වල සභාපති ලෙස මොහාන් සහ ඔහුගේ බිරිඳ උප සභාපති ලෙස සම්බන්ධ වෙමින් රට සහ ලෝකය රවටන හැටි පිළිබඳව රජය හා ඊට අදාළ පාර්ශව මිට වඩා සැලකිලිමත් විය යුතු අතර ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවය දරන පක්ෂයේ ගජ මිතුරු හවුලේ කොමිස් ගැසීමේ වුවමනාවට අටවා ගත මෙවන් කුට ආයතන පිහිටුවා රටට ලැබිය යුතු ප්‍රතිලාභ කිහිප දෙනෙකුගේ සාක්කුවට දමා ගැනීම පිළිබඳව රටේ ආර්තිඅකය පාලනය කිරීමට අදාළ පාර්ශව වග කිව යුතු බවත් මතක් කර දිය යුතුය.

කිසිදු අවබෝධයක් හෝ දැනුමක් හෝ උඩක් බිමක් නොදැන සමහරු සමාජ ජාල තුල අසත්‍ය ප්‍රචාරයට බොහෝ ඇලුම් කරන අතර තවත් සමහරක් මඩ කාක්කන් පලවන සියල්ල ගැන කිසිවක් නොසිතා ප්‍රචාරයට පෙළඹෙයි. මේ පිළිබඳව හොඳින් දන්නා තවත් සමහරු සමාජ ජාල තුල පවතින මේ අඩු පාඩුව යොදාගන්නේ තමන්ගේ පෞද්ගලික හෝ දේශපාලන කෝන්තර හා වෙනත් අවශ්‍යතා සඳහා යොදා ගැනීමටයි.

ජනතාවට තොරතුරු දැන ගැනීමට හා ජන සන්නිවේදනය සඳහා ඉහල මට්ටමේ දායකත්වයක් ලබා ගත හැකි සමාජ මාධ්‍ය හෙවත් පුරවැසි මාධ්‍ය අපේම සමහරු අවභාවිතා කිරීම හරහා එම තොරතුරු වලට ඇති වටිනාකම ක්‍රමයෙන් අඩුවෙමින් යන්නේ ලැබුණු අදහස් ප්‍රකාශනයේ අයිතිය සහ මාධ්‍ය නිදහස වල්බුරු නිදහසක් කර ගැනීම නිසාය.

LEAVE A REPLY