මේ වන විට දිවයින ආශ්‍රිතව ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් නිරීක්ෂණය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත අනුව හඳුනාගෙන ඇති බව ආපදා කළමණාකරණ මධස්ථානය පෙන්වා දෙනවා.

ඒ හේතුවෙන් විශේෂයෙන් අද රාත්‍රියේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇතිවිය හැකි බවයි සඳහන් කරන්නේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ විභවයක් පවතින බවයි ආපදා කළමණාකරණ මධස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පෙන්වා දෙන්නේ.

මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, බස්නාහිර, වයඹ පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 100 ඉක්මවූ වැසි සහිත තත්ත්වයන් බලාපොරොත්තු විය හැකි බවද සඳහන් කළා.

මීට අමතරව විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල සිටින ජනතාව නායයෑම් අනතුරු පිළිබඳව අඛණ්ඩව විමසිලිමත්වීම වැදගත් බවද අවධාරණය කරනවා. එහිදී නායයෑම් ලක්ෂණ පිළිබඳව විමසිලිමත්විය යුතු බවත් ආගන්තුක දිය උල්පත් මතුවීම, ගස් ඇළවීම, පොළවේ ඇතිවන පැළුම් වැනි කරුණු කාරණා පිළිබඳ වඩාත් විමසිල්ලෙන් සිටින ලෙසයි දැනුම් දෙන්නේ.

LEAVE A REPLY