දිවංගත ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ 25 වැනි ගුණසැමරුම නිමිත්තෙන් සංවිධාන කළ සැමරුම් උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, අලුත්කඩේ අධිකරණය ආසන්නයේ පිහිටි රණසිංහ ප්‍රේමදාස මහතාගේ පිළිරුව අභියස දී ඊයේ (01) පෙරවරුවේ පැවැත්විණි. එහිදී පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී පදක්කම් දිනු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනාට රුපියල් ලක්ෂ 35 බැඟින්වූ නිවාස ප්‍රදානය කළ අයුරු. මේ අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ සහ නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස යන මහත්වරුද එක්වූහ.

මේ අනුව වෙන කවරදාකටත් වඩා ඇගයීමක් ලැබීමට මෙම පදක්කම් ලාභීන්ට හැකියාව ලැබිණි මිට පෙරද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ලක්ෂ 160ක මුදල් දීමනා ලබාදී තිබුනා.

 

LEAVE A REPLY