ශ්‍රී ලංකාවේ දැනට පවතින සෞඛ්‍ය පද්ධතිය අනෙක් රටවල් උදාහරණයකට ගත යුතු බව පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේදී අවධාරණය විය.

ගුණාත්මක සෞඛ්‍ය ක්ෂේත්‍රයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව වැනි රටක් දෙස අවධානය යොමුකිරීම වැදගත් වනු ඇති බවත් මයික්‍රොසොෆ්ට් ආයතනයේ නිර්මාතෘ බිල් ගේට්ස් මහතා 2018 චෝගම් සමුළුවේ දෙවැනි දිනදී අමතමින් පැවසීය. මෙවර එහි තේමාව වූයේ ‘පොදු අනාගතයක් කරා’ යන්නැයි. එහිදී ඒ මහතා මෙසේ ද පැවසීය.

බංගලාදේශය සහ ශ්‍රී ලංකාව ගුණාත්මක සෞඛ්‍ය ක්ෂේත්‍රය අතින් ඉහළට ගොස් තිබෙනවා. එය ගොඩක් දුරට ක්‍රියාත්මක වන්නේ කාන්තා සෞඛ්‍ය සේවිකාවන් මූලික කරගෙනයි. මෙම ක්‍රමවේදය අනෙකුත් රටවලින් ද අනුගමනය කළ යුතු වෙනවා. මෙවර තේමාවට අනුව ලෝකයේ රටවල් දෙස බලා ඔවුන්ගේ පිළිගත් සුදුසු ක්‍රමවේදයන් අනෙකුත් රටවලට ද ආදේශයක් කැරගතහොත් ගොඩක් ප්‍රශ්න විසඳාගැනීමට හැකි වෙනවා.

ලෝකයේ ඇතිව තිබෙන ප්‍රශ්න ගැන ධනාත්මක විදිහට බැලිය යුතු වෙනවා. බොහොමයක් පුවත් ප්‍රශ්න වැඩිවෙන බවට සඳහන් වුවත් සෞඛ්‍ය, අධ්‍යාපන හා ආර්ථිකමය අවස්ථාවන් සඳහා ආයෝජනය කළහොත් වේගයෙන් දියුණුවීමට අපිට හැකියාව ලැබෙනවා. උදාහරණයක් ලෙස අද ලෝකයේම ළමා මරණ සංඛ්‍යාව අඩුවෙලා. අවුරුද්දකට මිලියන 3 ක් පමණ ළමුන් මරණින් බේරාගැනීමට ද හැකියාව ලැබී තිබෙනවා.

මෙම ක්‍රියාවලිය සඳහාත් මූලිකත්වය ‍ගනු ලැබුවේ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් විසින්.Ó ලංකාව දෙස බලා ඉන්දියානුවන් පෝලියෝ මර්දන ක්‍රියාවලිය 2014 දී සිදුකරනු ලැබුවා. ඒ දෙස බලමින් නයිජීරියාව ද, 2017 දී පෝලියෝ මර්දන ක්‍රියාවලියට පියවර තබනු ලැබුවා. පොදුරාජ්‍ය මණ්ඩලීය දූපත් රටවලින් කාලගුණ විපර්යාසයන් හි බැරෑරුම්කම ලෝකයට කියාපෑවා. ‍Óහොඳට වැඩ කරන අය දෙස බලා ඔවුන්ගෙන් ඉගෙන ගනු ලබන්නÓ අවසාන පණිවිඩය අවසානයේදී ඒ මහතා දෙනු ලැබීය. එම අවස්ථාවට බ්‍රිතාන්‍ය අගමැති තෙ‍ෙර්සා මේ, ජැමෙයිකානු අගමැති ඇන්ඩෲ හෝල්නස්, පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් පැට්‍රීසියා ස්කොට්ලන්ඩ් යන අය ද සහභාගි විය.

 

සාරා ඉමිතියාස් / දිනමිණ

LEAVE A REPLY