අලුත් අවුරුදු චාරිත්‍ර නිමා වෙමින් පවතින අතර අද 10.16ට හිසතෙල් ගෑමේ නැකතද යෙදී තිබෙනවා. කෙසේ වෙතත් ජනතාවට කෙසේ වෙතත් මෙවර අවුරුද්ද මාධ්‍ය ආයතන වලට සහ ඒවාට අරක්ගෙන සිටින ජෝතිෂ්‍ය මුදලාලිලාටනම් සුභ සහ කිරි ඉතිරෙන බව අවුරුදු දින වලදී රුපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා බැලු සහ ඇසු අයට හොඳින්ම තේරෙන්නට ඇත.

ජෝතිෂ්‍ය විද්‍යාව ඇත්ත නැත්ත සෙවීමට වඩා මාධ්‍ය එය බිස්නස් එකක් බවට පත් කර ගැනීම සහ නුගත් ජනතාව අන්ද විශ්වාස පසු පස යමින් තම ජිවිත කාලකන්නි කර ගැනීමට එරෙහිව පුරවැසි මාධ්‍ය ලෙස අපටද වැදගත් මෙහෙවරක් කිරීමට තිබේ ඒ මේ බොරු දේවල් ගැන ජනතාව මෙසේ හෝ දැනුවත් කිරීමෙනි…

මේ සඳහා හරි අපුරු උදාහරණයක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් ඇත ඒ පහතින් අප දක්වා ඇති වීඩියෝවයි. මෙහි දැක්වෙන්නේ බොරු සාස්තර කියා ඒවා බොරු වුවහොත් වෙඩි තබාගන්නා බවට පුරසාරම් දෙඩවූ ජෝතිෂ්‍ය වෙළෙන්දෙක් වන චන්ද්‍රසිරි බණ්ඩාර නැමැත්තා හිරු නාලිකාවේ අවුරුදු වැඩසටහනක බොරු කියන්නට ගොස් ඇදගෙන නා ගත් අවස්ථාවකි.

ලබන්නා වූ අවුරුද්ද හතර කේන්ද්‍රය පාලු වන වසරක් කියා ජනතාව බිය ගැන්වීමට උත්සාහ ගනිද්දී ප්‍රවීන කලාකරුවකු වන ජැක්සන් ඇන්තනි ඔහුට ජනතාව බිය ගන්වන අනාවැකි නොකියන ලෙසත් එය දේශපාලන අනාවැකි කීම වැනි කරුණක් නොවන බවත් කියමින් චන්ද්‍රසිරි බණ්ඩාරගේ උන් හිටි තැන නැති කරමින් කල ප්‍රකාශයක් මෙම වීඩියෝවෙන් දැක්වේ…

හාස්‍යජනකම කරුණ වන්නේ මෙවන් මිතයාදෘස්ටික අසත්‍ය පතුරන මාධ්‍ය දවස පටන්ගන්නේ සහ දිනය අවසන් කරන්නේ බුදුන් වහන්සේ වදාළ පිරිත් දේශනා ප්‍රචාරය කරමින් වුවත් පිරිත් වලින් පසුව දිනය පුරාම මිත්‍යා දෘෂ්ඨිය පතුරමින් රාග ද්වේශ මෝහ පතුරමින් මුදල් සෙවීමයි…

මිත්‍යාව වපුරන ජඩ මාධ්‍ය වල කෙරුවාව ගැන ඉදිරියේදීත් හෙළි කරන්නට අප සුදානම් බවද මතක් කිරීමට අප කැමැත්තෙමු….

 

LEAVE A REPLY