බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කල චන්දික හතුරුසිංහගේ සමු ගැනීමෙන් පසුව බංගලාදේශයට තවමත් ස්ථීර පුහුණුකරුවකු බදවා ගෙන නොමැති අතර ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශයේ සංචාරය කල අවස්ථාවේ බංගලාදේශ කණ්ඩායම පුහුණුකිරීමේ වගකීම බාර වුන රිචඩ් හල්ශාල් තම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

හල්ශාල් නිදහස් කුසලානයට පැමිණි බංගලාදේශ කණ්ඩායම සමඟ නොපැමිණි අතර බංගලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය ලබාදීමේ අපේක්ෂාවෙන් සිටි හල්ශාල් ප්‍රවීණ ක්‍රීඩකයන්ගේ විරෝධය මත එම තනතුරට පත් නොවුන බවද පසුගිය කාලයේ වාර්තා පලවිය.කෙසේ නමුත් ඒ තත්වය ගැන සමුගන්නා හල්ශාල් මාද්‍ය වෙත පවසා තිබුනේ ජෙෂ්ට ක්‍රීඩකයන්ගෙන් සමු ගන්නට බලපෑමක් නොවුන බවය.

“ප්‍රවීණ ක්‍රීඩකයන්ට එයාලගේ මතයක් තිබුනා,ඒ වගේම මම හැම වෙලාවේම උත්සාහ කලේ හොඳම දේ කණ්ඩායමට කරන්න.මම දන්නේ නෑ ක්‍රීඩකයෝ අතරේ ප්‍රශ්න තිබුනද කියල ,මම ඒවා ගැන සොයන්න ගියේ නෑ,මම හැම වෙලාවේම මගේ වැඩේ ගැන තමයි හිතුවේ.”

හලශාල් තමන්ට සමු ගන්නට සිදු වුන හේතුව ගැනද අදහස් දක්වා තිබිණි.”ඇත්තටම මට මේ වැඩෙන් අයින් වෙන්න තිබුන හේතුව තමයි මට මගේ පවුලේ අය එක්ක වැඩි කාලයක් ගත කරන්න අවශ්‍ය වුන එක,අපේ පවුල තවම ලාබාල පවුලක් ඒකත් එක්ක මට වැඩි වෙලාවක් පවුලේ අය එක්ක ඉන්න එක තමයි වැදගත්ම දේ කියල මට හිතෙන්නේ.මම බංගලාදේශ කණ්ඩායම එක්ක ගොඩක් හොඳ කාලයක් ගතකලා,ඇත්තටම ඒ ගැන සතුටුයි.”

2011 සිට 2014 දක්වා එංගලන්ත කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස සිටි හල්ශාල් 2014 වසරේදී බංගලාදේශ කණ්ඩායම සමඟ එකතු වන අතර චන්දිකගේ සහය පුහුණුකරු ලෙස ඉහල සේවයක් බංගලාදේශය වෙනුවෙන් කලද ඔහු වෙනුවෙන් අවසාන කාලයේ බංගලාදේශ ක්‍රිකට් බලධාරීන් සැලකු අකාරය ගැනනම් එතරම් යහපත් නොවූ බව විදෙස් මාද්‍ය වාර්තා කර තිබිණි.

හල්ශාල් සමු ගනිමින් පවසා ඇත්තේ බංගලාදේශය එකම ක්‍රීඩකයන් පිරිසක් මත විශ්වාසය තබාගෙන සිවීම නොකළ යුතු බවය.”බංගලාදේශ කණ්ඩායම ප්‍රවීණ ක්‍රීඩකයෝ කීප දෙනෙක් මත විශ්වාස තියාගෙන ඉන්න එක නතර කරන්න ඕන.තරුණ ක්‍රීඩකයෝ ජාත්‍යන්තර මට්ටමට ගන්නනම් එයාලාට පුළුවන් තරම් අවස්තාව දෙන්න ඕන.

LEAVE A REPLY