අපේ රට මාධ්‍ය නිදහස අතින් ඉහලට යමින් ලෝකයේ 131 වන ස්ථානය ලබා ඇති බව පුවත් පත් වාර්තා කොට තිබුනා. ඇත්තටම එය රටක් ලෙස සතුටු විය හැකි දෙයක් වුවත් අවාසනාවට කරුණ වන්නේ නිදහසේ සීමාව නොදත් වල් බුරු මඩ කපුටන් නිසා එම මාධ්‍ය නිදහස රටට වැඩදායි ලෙස යොදා ගැනීමට නොහැකි වීම අවාසනාවන්ත කරුණකි.

අපේ රටේ බොහෝ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හැසිරෙන්නේ ජනතාවට වග කියන ජන මාධ්‍ය ලෙස නොව තම හිමිකරුවන්ගේ හෝ අධ්‍යක්ෂ මණ්ඩල වල ප්‍රධානීන්ගේ දේශපාලන මතවාදය ඉදිරියට ගෙනයන ගුබ්බෑයම් ලෙසිනි තමන්ගේ ලොක්කා වාසි අතට හෝයියා කියන විට ඒ අතටම තම පෑන හසුරවන්නට ඔහුගෙන් වැටුප් ලබන මාධ්‍ය වේදීන් යැයි කියා ගන්නා සේවකයින් සැදී පැහැදී සිටී. ඒ රටාවට අනුව යමින් පක්ෂ විපක්ෂ වලට බෙදී මාධ්‍ය ආයතන පක්ෂ නායකයින්ගේ දේශපාලන කැම්පේන් කිරීම ජනතාවද තේරුම් ගෙන හමාරය.

මෙහි ආසන්නතම සිදුවීම අනිද්දා සිදු වීමට නියමිතය ඒ වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂයේ නායකයාගේ බසට සුවච කීකරු පිරිසක් විසින් ආරම්භ කරන පත්තරයකි. පත්තරයක් කීවද එය කැලෑ පත්තරයක් යැයි හැඟෙන්නේ එහි අන්තර්ගත කරුණු දෙස බැලීමෙනි. පුවත්පතකට වඩා එය නිකම්ම නිකන් ගොසිප් වෙබ් අඩවියක් ගානට වැටී තිබෙන බව බලන ඕනෑම කෙනෙකුට වැටහෙන්නේ මඩ වෙබ් වලට එහා ගිය තත්වයක් එහි පෙන්නුම් කරන නිසාවෙනි.

කනගාටුවට කරුණ එය නොව මෙයයි…  රාවය පුවත්පතේ ජාතික මට්ටේමේ මාධ්‍ය මෙහෙවරක් ඉටුකළ ජනරංජන මහතා ඇතුළු නඩය ජනතාව අමතක කොට මුදල් පසුපස යමින් බැඳුම්කර හොරුන්ගේ ගොදුරක් වුවාද යන සැකයයි…

කෙසේ වෙතත් මුද්‍රිත පුවත් පත් වැසීගෙන යන සමාජ ජාල මාධ්‍ය ප්‍රචලිත වූ යුගයක මෙවන් මඩ පත්තර ගෙන එන්නේ මුදල් සෙවීමට නොව දේශපාලන උවමනාව මත අප හොඳින් දනිමු. සමාජ ජාල මාධ්‍ය හා පුරවැසි මාධ්‍ය ලෙස අප ජනතාවට සත්‍ය හෙළි කරන්නට කැප වන අතර මේ මඩ කාක්කන් සියල්ල හෙළි කරන්නට ජනතාව වෙනුවෙන් අප සුදානමින් සිටිමු.

LEAVE A REPLY