කෑම කියන්නේ මිනිසුන් විදියට අපේ මුලික අවශ්‍යතාවයක්. ඉස්සරනම් බොහෝ වෙලාවට අපට අවශ්‍ය ආහාරපාන වර්ග ගෙදරදීම හදාගන්නත් ඒවා ඉතා සෞක්‍යරක්ෂිත විදියට අහාරයට ගන්නත් අපි පුරුදුවෙලා හිටියා.

නමුත් දිනෙන් දින මිනිස්සු කාර්යබහුල ජීවිතයකට හුරු වෙද්දී සහ මුදල් සෙවීම අපේ මුලික පරමාර්ථ බවට පත් වෙද්දී ආහාර පාන සෞකයාරක්ෂිත විදියට ගන්න එක ටිකෙන් ටික මග හැරෙනවා. ඒ එක්කම එක එක විදියේ කෑම කඩ වලට මිනිස්සු හුරු වෙනවා. ගෙදර උයනවා වෙනුවට සල්ලිත් තියෙන නිසා කඩෙන් කන්න පුරුදු වෙනවා. එක එක පැලැන්තියේ විදියට එක එක කඩ වැහි වහිනවා… සල්ලි තියෙන සමහරු තමන්ගේ තත්වේ වෙන්නනත් එක්ක ලොකු ලොකු නම් තියෙන කඩ වලින් කනවා. ඒවා එහෙම වෙද්දී ලස්සන සහ රස ගැන විතරක් හිතලා ඒවාගේ තියෙන ගුණාත්මක බව බින්දුවටම වැටෙනවා.

මේ කිව්ව කතාවට එක උදාහරණයක් තමා මේ වීඩියෝවේ තියෙන්නේ මේක අන්තර්ජාලය හරහා ප්‍රචාරය වුන එකක් මේ වගේ උදාහරණ ඕනෑ තරම් හොයාගන්න පලුවන් ලොකු පොඩි නෝමල් සුපිරි කියන හැම කඩේකම මේ වගේ දේවල් වෙනවා. අන්තිමට කියන්න තියෙන්නේ සල්ලි තියෙනකම සහ ලොකුකම පෙන්නනවත් තමන්ගේ ලේසියට පහසුවටත් වඩා සෞකයාරක්ෂිත අහාරවෙලක් ගන්න පුරුදු වෙමු. ඒක හැමදේටම වඩා වටිනා ජීවිතය ආරක්ෂා කරගන්න උපකාරයක් වේවි…

පනුවන් සහිත බර්ගර් එකේ වීඩියෝව පහතින් නරඹන්න….

 

(මේක මේ ආයතනයට එරෙහි ප්‍රචාරණයක් නොව ජනතාව දැනුවත් කිරීමට ගත්ත පියවරක් බව පමණක් සලකන්න)

LEAVE A REPLY