මැලේසියා ක‍්‍රිකට් සංගමයේ ආරාධනයෙන් පසුගියදා දිවයිනෙන් පිටත්ව ගිය යුද්ධ හමුදා කණ්ඩායම සහභාගී වූ විස්සයි විස්ස තරගාවලියේ ප‍්‍රථම තරගයෙන් KL TITANS කණ්ඩායම පරදවා ලකුණු 160ක විශිෂ්ට ජයක් හිමිකරගැනීමට සමත්විය.

KL TITANS කන්ඩායමේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුනු 229ක් ලබා ගැනීමට සමත්විය.

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණ ආශාන් රන්දික හා ලියෝ ෆ‍්‍රරැන්සිස්කෝ හට සාර්ථක ආරම්භකයක් ලබා ගැනීමට KL TITANS කන්ඩායමේ පන්දු යවන්න්ගෙන් ඉඩ නොලැබුණු අතර අශාන් ලකුනු 13ක් ලබා සිටියදී පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.

අනතුරුව පිටියට පැමිණ කසුන්ද සිල්වා(19) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54ක් එක් කිරීමට ෆ‍්‍රරැන්සිස්කෝ සමත්වූ අතර ඔහු හයේ පහර 03ක් හා හතරේ පහර 03ක් සමගින් ලකුණු 45ක් ලබා සිටියදී තෙවැනි කඩුල්ල ලෙසින් දැවී ගියේය.

සිව්වැනි පිතිකරු ලෙසින් පිටියට පැමිණි සිකුගේ ප‍්‍රසන්න ප‍්‍රහාරාත්මක ඉනිමක් දියත් කළ අතර සිව්වැනි කඩුල්ල වෙුනවෙන් ලක්ෂාන් එදිරිසිංහ(17) සමග එක්වෙමින් ලකුනු 76ක් එක්කිරීමට සමත්වයි.

එහිදී සීකුගේ ප‍්‍රසන්න පන්දු 35කට පමණක් මුහුණ දෙමින් ලකුණු 97ක් ලබාගත් අතර එම ඉනිම හයේ පහර 11කින් හා හතරේ පහර 04කින් අලංකාර විය.

අවසන් භාගයේ පිටියට පිවිසි නවන්ත රත්නායක පන්දු 03කදී හයේ පහර 02ක් සමගින් ලකුනු 14ක් ලබාගැනීමට සමත්විය.

පන්දු යැවීමේදී රිස්වාන් හේදර් ලකුනු 31කට කඩුලු 03ක් බිද දැමීමට සමත්විය.

අනතුරුව ජයග‍්‍රහණය සදහා සදහා ලකුනු 230ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කණ්ඩායමට ශ‍්‍රී ලංකා යුධ හමුදා ප‍්‍රබල පන්දුයවන්නන් හමුවේ පන්දුවාර 15ක් තුළ සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුනු 69ක් පමණි.

පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වු සීකුගේ ප‍්‍රසන්න ලකුනු 13කට කඩුලු 05ක් දවා ගැනීමට සමත්වූ අතර සන්ජික රිද්ම හා ජනක පෙරේරා කඩුලු 02 බැගින් දවා ගැනීමට සමත්විය.

LEAVE A REPLY