මාතලේ විල්ගමුව ප්‍රදේශයේ මහවැලි ගඟ දෙපස සිදු වෙමින් පවතින වැලි ජාවාරම පිළිබඳව වසර තුනක් තිස්සේ කතා කළද ඒ පිළිබඳ වගකිව යුත්තන් කටයුතු නොකිරීමේ ප්‍රතිවිපක දැන් අත්දැකිමට සිදු වී තිබෙනවා ඒ නිසා දැන්වත් මේ පිළිබද තිරණයක් ගතයුතුයැයි පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න මහත්මිය පැවසුවාය.

වැලි ගොඩදැමීම හේතුවෙන් විල්ගමුව නිපොන් පාලම විනාශවීමේ අවධානම් තත්වය පිළිබඳ මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී අමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.

මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක හා පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් අලුවිහාරේ මහතාගේ සම සභාපතිත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස්වීම පැවැත්විණි.

වැඩිදුර අදහස් දැක්වු අමාත්‍යවරිය

විල්ගමුවේ සියළු ග්‍රාමනිළධාරී මහතාගේ සිට සියළුම රාජ්‍ය නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ නම් වලට වැලි ගොඩ දැමිමේ බලපත්‍ර තියනවා. ඒ වගේම අනෙක් බලපත්‍ර ටික පිට පළාත්වල අයටයි තියෙන්නේ . මොවුන් ඉවක් බවක් නැතිව බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් වැලි ගොඩ දැමිමෙන් සිදුවන හානිය පළිබද කොතෙක් කතා කළත් වැඩක්වුණේ නෑ.දැන් විශාල විනාශයක් අත ළගට ඇවිත් තියනවා මේ හේතුවෙන් ලිංවල වතුර මට්ටත් අඩුවෙළා. ඉදිරියේදී බලපත්‍ර ලබාදිමේදී සංවර්ධන කමිටුවේ අනුමැතියට යටත්ව කටයුතු කළ යුතුයි.‘

විල්ගමුව මහවැලි ගගේ මීටර් 500කින් එහා වැලි සංචිත අවසන් වී තිබෙන්නේ වැලි ගොඩ දැමිමේ බලපත්‍ර 220ක් ලබා දී තිබුණා. ක්‍රමයෙන් බලපත් ලබාදීම අඩුකර එය 102දක්වා අඩුකර තිබෙනවා. මාධ්‍ය තුළින් මෙහි නිපොන් පාලම අවට තත්වය පිළිබද කරණ ලද අනාවරණයෙන් පසු සිදු කරණ ලද ක්ෂේත්‍ර පරික්ෂණයෙන් අනතුරුව පාලමේ සිට මිටර් 500ක් දක්වා වැලි ගොඩ දැමීම තහනම් කර ඇති බව පතල් හා භුවිද්‍ය දෙපාර්තමේන්තු ක්ෂේත්‍ර සහකාර විල්ගමුව උපකාර්යාල ස්ථානභාර නිළධාරි බුද්ධික විකුමරත්න මහතා ද අදහස් දක්වමින් පැවසුවේය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍ය බන්දුල යාලේග, පළාත් සභා මන්ත්‍රිවරුන්වන එම් ඩබ්ලිව් යසමාන හා මොහෝමඩ් ඉබ්‍රහිම් යන මහතවරු හා මාතලේ මහදිසාපති ඩි පි ජි කුමාරසිරි මහතා ඇතුළු රාජ්‍ය නිළධාරින් රැසක් සහභාගී වුහ.

LEAVE A REPLY