ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තෙදින නිල සංචාරයක් සඳහා හෙට(22) පකිස්ථානය බලා යාමට නියමිතව තිබේ.

පකිස්ථාන ජනාධිපති මම්නූන් හුසේන් මහතාගේ ආරාධනාවකට අනුව ලබන 24 වනදා දක්වා ජනාධිපතිවරයා එරට සංචාරය කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර ඇත.

සංචාරය තුළදී ඉස්ලාමාබාද් නුවර රාජ්‍යතාන්ත්‍රික පරිශ්‍රයේ පිහිටි ප්‍රතිසංස්කරණය කරන ලද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

සංචාරය තුළදී ජනාධිපතිවරයා පකිස්ථාන ජාතික දිනයට සහභාගී වීමට නියමිත අතර දෙරට අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිතව තිබේ.

එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පකිස්ථාන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය ෂහීඩ් ඛාකන් අබ්බාසි මහතා සමඟ ද ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සඳහන්ය.

 

LEAVE A REPLY