ලසිත් මාලිංගට ලෝකය පුරාම ක්‍රිකට් ලෝලීන් ආදරය කරනවා. ඒ ඔහුගේ තියෙන දක්ෂතා වලට සහ නිහතමානිකමට. මාලිංග රැවුල වවලා, කොන්ඩේ වවලා ඉන්න නිසා දකින අය හිතන්නේ ඔහු තද ගති තියෙන පුද්ගලයෙක් කියලා. හැබැයි ඒ රැවුලට සහ කොණ්ඩයට වැහුන යහපත් මිනිසා ගැන දන්නේ බොහොම ටික දෙනයි.

මාලිංගට මේ වෙද්දී ක්‍රිකට් බලධාරීන්ගේ ලොකු කැපිල්ලකට අහුවෙලා ඉන්නේ. එකට හේතුවත් ඔහුගේ තියෙන මේ මනුස්සකම. ආසියානු කුසලානයේදී තිසර සහ අනෙකුත් ක්‍රීඩකයින්ගේ වැරදිවලට ක්‍රීඩා ඇමතිවරයා හොඳටම දෙහි කැපුවා. හැබැයි කණ්ඩායම ලංකාවට ආවට පස්සේ ඒ සියලු වැරදි වලට බෙල්ල තිබ්බේ මාලිංග. ඒ නිසා වැරදි කරපු ක්‍රීඩකයින් තාමත් ක්‍රීඩා කරද්දී මලින්ගාව විතරක් එළියට විසිකරා.

මාලිංගට සමහරු කරන චෝදනාවක් තමයි සල්ලි වලට ක්‍රීඩා කරනවා කියන එක. හැබැයි මාලිංග ක්‍රීඩා කරලා හම්බකරන සල්ලි වලින් කරන දේවල් ගැන කවුරුවත් කතා කරන්නේ නෑ. මොකද මලින්ගත් ඒවා ප්‍රසිද්ධ කරලා අනවශ්‍ය ප්‍රචාරයක් ගන්නේ නැති නිසා. කොහොම වුනත් මාලිංග රහසේම කරගෙන ගිය සමාජ සේවා වැඩ කිහිපයක් ගැන අපිට දන ගන්න ලැබුණා.

සැත්කමකට මුහුණ දුන්න ගාල්ලේ දරුවෙක්ට මාලිංග ලක්ෂ 5 ක මුදලක් ලබා දීලා තිබ්බා. කුරුණෑගල තැලසීමියාවෙන් පෙළුන දරුවෙක්ට රුපියල් ලක්ෂ 2 ක මුදලක් මාලිංග ලබා දීලා තියෙනවා. පහුගිය දවසක පොහොරබාව, පරකඩුව ප්‍රදේශයේ දහම් පාසලක ළමයින්ට අවුරුද්දටම ඉගෙන ගන්න අවශ්‍ය පොත්පත්, නිළ ඇඳුම් ආදිය ලක්ෂ 3 ක මුදලක් වැය කරලා අරන් දුන්නා.

ඒ වගේම තවත් දැවැන්ත වැඩක් මාලිංග පටන් අරන් තියෙනවා. හොරණ ප්‍රදේශයේ පන්සලක අංගසම්පූර්ණ දහම් පාසලක් තමන්ගේ වියදමින් ඉදිකරන්න පටන් අරණ තියෙනවා. මේ දහම්පාසලේ සියලුම ගොඩනැගිලි ඉඳන් දහම් පාසල් ළමයින්ගේ පොත්පත් නිල ඇඳුම් පවා මාලිංග තමන්ගේ වියදමින් අරන් දෙන්න කටයුතු කරලා තියෙනවා. දහම් පාසලේ සම්පූර්ණ වැඩකටයුතු සඳහා ලක්ෂ 100 ක මුදලක් ඇස්මේන්තු කරලා තියෙනවා. මේ මොහොතේත් මාලිංග දහම් පාසල ඉඳිකරන තැන අවශ්‍ය කටයුතු සොයා බලමින් ඉන්නවා කියයි විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් අපිට දැන ගන්න ලැබුණා.

මේ තියෙන්නේ මාලිංග අප්‍රසිද්ධියේ කරන සමාජ සේවා වලින් එකක් දෙකක් විතරයි.මේ වගේ සමාජ සේවා වැඩ රැසක් මාලිංග සිදු කරනවා. මාලිංගගේ මේ සේවාවන් අනෙකුත් ක්‍රිකට් ක්‍රීඩකයින්ට වගේම දේශපලඥයින්ටත් ලොකු ආදර්ශයක්.

  • පුවත් මුලාශ්‍රය – siyatha24.lk

LEAVE A REPLY