මේ දිනවල ක්‍රිකට් ලෝකය උණුසම් කරණ මාතෘකාවක් බවට පත්ව තිබෙන්නේ ඕස්ට්‍රේලියා කණ්ඩායම දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව තිබු ටෙස්ට් තරඟයකදී සිදුකල පන්දුව පළුදු කිරීමක් සහ එයට දඬුවම් වශයෙන් ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින් හට ලැබුණු තීන්දුව පිළිබඳවයි.

බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවේ නිදහස් කුසලාන තරඟාවලියේදී දැක්වූ විනය විරෝධී ක්‍රියාකාරකම් වලින් ක්‍රිකට් ලෝකය කැළඹුන අතර මේ පන්දුව පළුදු කිරීම හරහාද ඕස්ට්‍රේලියා කණ්ඩායමට දැඩි විවේචන එල්ලවීමට පටන්ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් පන්දුව පළුදු කිරීම සහ මේ දඩුවම් ගැන හැමෝම කතා කලත් ක්‍රිකට් ලෝකේ මේ පන්දුව පළුදු කිරීම කියන්නේ මොකද්ද කියලා හැමෝම නොදන්නවා වෙන්නත් පුළුවන් අන්න ඒක නිසා අපි හිතුවා මේ සිදුවීම පිලිබදව තේරෙන සිංහලෙන් පැහැදිලි කරන වීඩියෝ එකක් ඔබට ඉදිරිපත් කරන්න….

මේ වීඩියෝව හරහා පන්දුව පළුදු කරන්නේ ඇයි?
පන්දුව පළුදු කිරීමෙන් ලැබෙන වාසි මොනවාද?
එසේ කිරීමට භාවිතා කරන උපක්‍රම මොනවාද? කියලා මෙහි දැක්වෙනවා වගේම මිට පෙර මේ වරද කරපු ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකයින් ගැනත් මෙහි දැක්වෙනවා….

  • දර්ශන උපුටා ගැනීම www.wnow.lk

LEAVE A REPLY