කෘෂිකර්ම අමාත්‍යංශයේ රැකියා ලබා දෙන බවට පවසමින් සහ හොර පත්වීම් ලිපි ලබා දෙමින් කල වංචාවක් හෙළි වී තිබෙනවා. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතාගේ සම්බන්ධිකරණ ලේකම් වරයකු වන අසංක නමැත්තකු මෙයට සම්බන්ධ බවට අනාවරණය වුනා.

කෙසේ වෙතත් මෙසේ රාජ්‍ය ආයතන වල රැකියා ලබා ගැනීමට මෙසේ මුදල් ලබා දීමට පෙර ජනතාවද සිතා බලා කටයුතු කිරීම වැදගත් වන අතර මෙවන් හොර දෙටුවන් තවත් රජයේ රැකියා හොරට විකුණමින් සිටින බවට වාර්තා පලවෙනවා. අදාළ සිදුවීම පිළිබඳව වසන්ත අලුවිහාරේ අමාත්‍යවරයා ඇමතු විට ඔහුද පවසා සිටියේ එසේ රැකියා ලබා දීම සඳහා සිය හොර අත්සනද යොදා ඇති අතර එයද CID යට පැමිණිලි කල යුතු බ්වවයි.

නමුත් කනගාටුවට කරුණ සහ ඇමතිවරයාගේ අවධානයට කරුණ වන්නේ එසේ සිය හොර අත්සන් ගසා රැකියා ලබා දෙන බව දන දැනත් මෙසේ හෙළිදරව් වන තුරු අදාළ ලේකම් වරයාට නිතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකළේ මන්ද යන්නයි.

ඊයේ දිනයේ අල්ලස් ගෙන හසුවූ ජනාධිපති කාර්යාලයේ නිලධාරියාට රටේ නායකයා වූ මෛත්‍රී ජනාධිපතිවරයා ක්‍රියා කල ආකාරයට ජනතාව රවටා මුදල් ගරන මෙවන් හොරුන්ටද නිතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ඇමතිවරයා කටයුතු කලයුතු නොවේද?

ජනතාව රවටමින් බොරු රැකියා දෙන බවට මුදල් එකතු කල පුද්ගලයා අතටම හසු වූ වීඩියෝව මෙන්න >>>

 

LEAVE A REPLY