කොළඹ ගාලුමුව‍ෙදාර පිටියේදී හෙට (4දා) පෙරවරුවේ පැවැත්වීමට නියමිත 69 වැනි නිදහස් සමරු උළෙලට අදාළ පෙරහුරුවක් ඊයේ (2දා) පෙරවරුවේ ගාලු මුව‍ෙදාර පිටියේදී පැවැත්විණි. එම අවස්ථාවට එයාර් මාෂල් කපිල ජයම්පති, ලුතිනන් ජෙනරාල් ඒ. ඩබ්ලිව්. ජේ.සී. ද සිල්වා සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුද සහභාගි වූහ.

ඇතුළු සම්භාවනීය ආරාධිතයන්ගේ සහභාගිත්වයෙන් හෙට (4දා) උදෑසන 8ට ගාලු මුව‍ෙදාර පිටියේදී අභිමානවත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
හෙට පෙරවරු 7.55ට ජනාධිපතිවරයා විසින් ජාතික ධජය එසවීමෙන් නිදහස් සමරු උළෙලේ කටයුතු ආරම්භ වන අතර ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතිය ඇමැතීමට නියමිතය.

අනතුරුව ත්‍රිවිධ හමුදා, පොලිස් හා සිවිල් ආරක්ෂක බළකාය ඉදිරිපත් කරන සම්මාන ආචාර පෙළපාළිය ජනාධිපතිවරයා විසින් පිළිගනු ලබන අතර යුද හමුදාව විසින් ආචාර වෙඩිමුර 21ක් පැවැත්වීමට නියමිතය.

ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්ෂක බළකාය පවත්වන සන්දර්ශන පෙළපාළියකින් 69 වැනි නිදහස් සමරුව නිමාවට පත්වෙයි. ඒ නිමිත්තෙන් විවිධ ආගමික වැඩසටහන් ගණනාවක් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිබේ.

LEAVE A REPLY