ඉරාක හමුදා ජනරාල්වරු දෙදෙනෙක් ඝාතනය කිරීම ගැන ඇමරිකානු ජනපති ට‍්‍රම්ප් අත්අඩංගුවට ගන්නැයි ඉරාක අධිකරණය නියෝග කර ඇත. පසුගිය වසරේ ජනවාරි මස ඉරාන විප්ලවීය බලමුළුවේ ප‍්‍රධානි කූසිම් සෙලෙයිමන් සහ හදිසි බලමුළුවේ නියෝජ්‍ය නායක අබු මහාදි ඝාතනය කිරීම ගැන ජනපති ට‍්‍රම්ප්ට චෝදනා එල්ල වී තිබේ. ට‍්‍රම්ප්ට එරෙහි මෙම නඩුවේ පැමිණිලිකරුවන් වූයේ අබු  මහාදිගේ පවුලේ අයයි. ඩ්‍රෝන යානාවක් මගින් එල්ල කළ මිසයිල ප‍්‍රහාරයකින් එම ජනරාල්වරු දෙදෙනා මරුමුවට පත්වූහ.