පසුගිය අගහරුවාදා පැවති තරගයේ දී එම්.එස්. දෝනි නායකත්වය දරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම, කල්කටා නයිට් රයිඩර්ස් පිලට පරාජය වීමෙන් පසුව, දෝනීගේ පස් හැවිරිදි දියණිය දූෂණය කරන බවට කිසිවකු විසින් තර්ජනය කර තිබේ.

මෙම තර්ජනය කිරීම සිදුකර ඇත්තේ, දෝණීගේ බිරිද වන සාක්ෂි ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම හරහා ය.මේ පිළිබදව වාර්තා වීමත් සමග බොහෝ ඉන්දියානුවන් කම්පනයට පත්ව සිටිති.
අදාල සිදුවීම සම්බන්ධයෙන් සිය ට්වීටර් ගිණුමේ පණිවිඩයක් තබා ඇති සුප්‍රකට රංගන ශිල්පිනියක හා පසුව දේශපාලනයට පැමිණි නග්මා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන්, ඉන්දියාවට මේ සිදුවෙමින් තිබෙන්නේ කුමක්ද කියා ප්‍රශ්න කරයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත් වේ. දෝණිගේ බිරිද සහ තර්ජන එල්ල වී ඇති ඔහුගේ දියණිය ඉන්දියාවේ රන්චි පළාතේ ඔවුන්ගේ නිවසේ ජීවත් වන අතර, එම නිවසට මේ වන විට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී ඇති බව පැවසේ.

LEAVE A REPLY