මෙරට දුප්පත් පොහොසත් භේදයක් නැතිව සියලු නිවාස වලට සූර්ය බලයෙන් විදුලිය නිපදවීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි.

පාසල් සදහා විදුලි බලය මත සූර්ය පැනල මගින් හිරු එළිය භාවිතයෙන් නිපදවා ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

එමෙන්ම රජයේ ගොඩනැගිලි, ආණ්ඩුවේ අමාත්‍යාංශය ආදී හැකි උපරිම ආයතන ප්‍රමාණයක් සූර්ය බලයෙන් බලගන්වන්නට සැලසුම් කරන බව ද ඔහු සඳහන් කළේ ය.

2030 වන විට මෙරට පුනර්ජනනීය බලශක්තිය මගින් 80%ක් විදුලි නිෂ්පාදනය කිරීමේ ඉලක්කයක් ඇතිව වැඩ කරන බවද ඔහු පැවසීය.

ඇමතිවරයා මේ බව සදහන් කලේ අනුරාධපුරයේ පැවති උත්සවයක් අමතමිනි.

LEAVE A REPLY