සරල ආරම්භයකින් විශාල වෙනසක් සිදු කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ රාජ්‍ය අමාත්‍යවරුන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (10) පැවැති හමුවකදීයි.

මෙහිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර සම්බන්ධයෙන් විපක්ෂය නඟන චෝදනා සම්බන්ධයෙන් ද අදහස් පළ කර සිටියා.

ජනාධිපතිවරයා 20 වන සංශෝධනය සම්බන්ධයෙන් මෙහිදි අදහස් දක්වා සිටියා.

ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ “සියල්ල එකවර වෙනස් කරන්න බැහැ ඊට විශාල කාලයක් ගත වෙනවා. විවිධ අදහස් ඉදිරිපත් කර තිබෙනවා.19 වැනි සංශෝධනයේ ඇතැම් ලක්ෂණ එසේම තබාගන්න අපට අවශ්‍යයි. මූලික අරමුණ ජනාධිපති ධුර කාලය නොවෙනස්ව පවත්වා ගනිමින් ඉදිරි වැඩ කරගෙන යාම” බවයි.

එමෙන්ම, පසුගියදා පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා පිළිබඳවද ජනාධිපතිවරයා අදහස් පළ කළා.

“බලපෑම් කරනවානම් කළ යුතුව තිබුණේ මහාධිකරණයට එවැන්නක් කිසිවිටෙකත් සිදුවූයේ නැහැ. අධිකරණ තීන්දුව දුන් විනිසුරුවරයා පත් කළේ ව්‍යවස්ථා සභාව.එහි සිටියේ කරූ ජයසූරිය,සජිත් ප්‍රේමදාස,තලතා අතුකෝරාළ ඇතුළු පිරිසක්. විපක්ෂයට එක් තීන්දුවක් හොඳයි අනෙක නරකයි” යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

LEAVE A REPLY