අගෝස්තු 5 වනදා පැවති 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය ලබන මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය ලබන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඓතිහාසික ජයග්‍රහණයක් ලැබූ අතර රටේ ජනතාව උගත් වියත් නවකයින් රැසක් පාර්ලිමේන්තුවට පත්කොට ඒවා තිබෙනවා. ජනතාවගේ පැත්තෙන් ඔවුන් තමන්ට හැකි උපරිමය ජනාධිපතිවරයා වෙනුවෙන් ලබාදී ඇති අතර දැන් ජනතාව පත්වන රජයෙන් රට සෞභාග්‍යය කරා ගෙනයාම අපේක්ෂාවෙන් පසුවනවා.

අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා කැලණියේදී අද දිවුරුම් දුන් අතර ලබන 14 වනදා නව රජයේ කැබිනට් මණ්ඩලය ලෙස මහනුවර මඟුල් මඬුවේදී දිවුරුම් දීමට සුදානම් බවයි වාර්තා වන්නේ. මෙහිදී ජනතාව පත්කොට එවූ නවක උගත් වියත් මන්ත්‍රීවරුන්ට රටට හා තමන් නියෝජනය කරන ජනතාවට වැඩක් කල හැකි අමාත්‍ය ධුරයක් හෝ වගකීමක් ලබාදෙනු ඇතැයි සියලුදෙනා දෑස් දල්වාගෙන සිටින අතර සම්ප්‍රදායික දේශපාලනය අතික්‍රමණය කරමින් ලැබූ ජයග්‍රහණය අනුව යමින් ජනාධිපතිතුමන් නවකයින්ට හා දක්ෂයින්ට ප්‍රමුඛතාවය දෙනු ඇති බවයි දේශපාලන විචාරකයින් අදහස් දක්වන්නේ.

නමුත් මේ ජනවරමේ යතාර්ථය නොදත් සමහර දේශපාලකයින් සුපුරුදු පරිදි වංචා දුෂණයට මඟ පාදාගන්නට හොඳ ඇමතිකම් ඉල්ලා පිස්සු නටන්නට ගතහොත් ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමට නොහැකිවනු ඇත. එබැවින් අචාර්ය නාලක ගොඩහේවා, අචාර්ය සරත් වීරසේකර වැනි දක්ෂයින්ට වැඩි වගකීමක් සහිත අමාත්‍යධුර ලැබිය යුතුමය. එමනේම මාතරින් ඉහලින්ම ජයගත් නිපුන රණවක වැනි තරුණ මන්ත්‍රීවරුන්ට රටේ තාරුණ්‍යය පිළිබඳව වගකීම් ලැබිය යුතුය. එදා එජාපය නැත්තට නැතිකළ සතොස ගොඩනැගු නලීන් ප්‍රනාන්දු මෙවර ගම්පහින් පාර්ලිමේන්තුවට පත්වී ඇත ඔහු වැනි අය ප්‍රයෝගිකව තම හැකියාව හා දක්ෂතාවය රටටම පෙන්වා ඇත.

එබැවින් එවන් අයට සුදුසු වගකීම් හා බලය ලබාදී ඔවුන්ගේ හැකියාව හා දක්ෂතාවය රට ගොඩනැගීමට එකතු කර ගතහොත් ඉදිරි ගෝඨාභය දශකය වැඩ කරන රට හදන කාලයක් වනු නියතය.

LEAVE A REPLY