2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය අද උදෑසන 7ට ආරම්භ වූ අතර දිවයින පුරා ඡන්ද විමසීම පැවැත්වෙනවා. අපගේ ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසන ආකාරයට මෙවර උතුරු නැගෙනහිර ජනතාව වෙනදාට වඩා වැඩි උනන්දුවකින් හා උද්යෝගයකින් චන්ද පොළවල් වලට පැමිණ සිය චන්දය භාවිතා කරන බවයි කියවෙන්නේ.

මෙවර උතුරු නැගෙනහිර ජනතාව ඓතිහාසික තීන්දුවක් ගනිමින් රට ඉදිරියට ගෙනයන ජනාධිපතිවරයාගේ සෞභාග්‍යමත් රටක් නිර්මාණය කිරීමට ගෙනයන වැඩපිළිවෙලට ශක්තියක් ලබා දීමට නියමිත බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙවර කොරෝනා වසංගතය හේතුවෙන් සෞක්‍යරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් චන්ද භාවිතයට ඉඩ සලසා ඇති බවත් කිසිදු බියකින් තොරව තම චන්දය භාවිතා කිරීම සඳහා චන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙසත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාද ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY