මාතර දිස්ත්‍රික් පොදුජන පෙරමුනු අපේක්ශක ලක්ශ්මන් යාපා අබේවර්ධන මහතා මෙවර මැතිවරනයෙන් සිය ජයග්‍රහනය මේ වනවිටත් තහවුරුකරගෙන ඇති බව විශ්වාසනීය ආරංචිමාර්ග හෙලි කරයි.

රාජ්‍ය බුද්ධි අංශ වාර්තා උපුටා දක්වමින් මාතර දේශපාලන විචාරකයන් සදහන් කරන අකාරයට පසුගිය 2015 මැතිවරනයේදී ලක්ශ්මන් යාපා ලබාගත් මනාප සංඛ්‍යාව වන 48,536 ක් වන අතර මෙවර එම ප්‍රමාණය ඊට වඩා ඉහල ප්‍රමානයක් විය හැකි බවයි පැවසෙන්නේ එයට හේතුව ගියවර ලක්ෂ්මන් යාපා මහතා පරදන්නට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වීම බවයි කියැවෙන්නේ.

ලක්ශ්මන් යාපා මහතාගේ මග පෙන්වේමෙන් ක්‍රියාත්මක ලිය ශක්ති ප්‍රජා සංවිධානයේ පමනක් සාමාජික පවුල්වල 72,000ක පමණ පිරිසක් සිටින අතර එම පිරිසෙන් අවම 50% මනාප ලබාදී ඔවුන්ගේ ස්වාමියා හෝ දරුවන් අඩක් මනාප දුනහොත් එනම් 27,500ක චන්ද ප්‍රමාණයක් “ලියශක්ති” හරහා ලැබෙන අතර අඩුම තරමින් එහි මුළු මනාප 72,500ක් ලබාගත හැකිය. ඊට අමතරව “යොවුන් පවුර” තරුන සංවිධානවල සාමජිකත්වය ගත් තරුන ප්‍රජාව 15000කට ආසන්න වන අතර ඉන් අවම වශයෙන් මනාප 10,000ක් ලැබෙතැයි අනුමාන කල හැකිය. තවද  ගියවර රාජ්‍ය සේවකයින්ගෙන් ලැබුණු මනාප 6700 මෙවර  10000ක පමණ වන අතර ගියවර ලැබුණු 48,000ක චන්ද ප්‍රමානයෙන් අවමය 40,000ක් ලැබුනහොත් මුළු එකතුව ගත් විට ලක්ශ්මන් යාපා අබේවර්ධන මහතා මෙවර මහ මැතිවරණයේදී අවම වශයෙන් චන්ද 132,500ක ප්‍රමාණයක් ගනු ඇති බව සියළු සමීක්ෂණ වාර්තා පැහැදිලිව පෙන්වා දෙනවා.

LEAVE A REPLY