2020 මහ මැතිවරණය වෙන කවරදාකටත් වඩා වෙනස් වන්නේ රට ගොඩනගන ජනාධිපතිවරයාට ශක්තියක් වන්නට ඔහු සමඟ එක්ව වැඩ කරන රටක් නිර්මාණයට අවශ්‍ය මිනිසුන් පාර්ලිමේන්තුවට යැවීමට ජනමතය නිර්මාණය වී ඇති බැවිනි. ඒ අනුව ජනාධිපතිවරයාගේ මග යමින් පෝස්ටර් කටවුට් බැනර් වලින් වැලකි නිකරුනේ මුදල් නාස්ති නොකර ප්‍රතිවාදියා විවේචනය හෝ මර බලය යොදා ප්‍රතිවාදීන් මෙල්ල කිරීමෙන් තොරව ප්‍රතිපත්ති දේශපාලනය කරන කිහිපදෙනා අතර ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂක නලීන් ප්‍රනාන්දු මහතා ඉදිරියෙන්ම සිටිනවා.

මන්ත්‍රී වැටුප, වාහන පර්මිට් ලබා නොගෙන රජයේ වරප්‍රසාද ලබා නොගෙන ජනතාවට සේවය කිරීමට ප්‍රතිඥා දී සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ එකම අපේක්ෂකයා නලීන් ප්‍රනාන්දු මහතා වන අතර ඔහු දේශපාලනයට පැමිණියේ ජනතාවට සේවය කර ගම්පහ සංවර්ධනය කිරීමට මිස දේශපාලනය ව්‍යාපාරයක් කරගෙන මුදල් සෙවීමට නොවන බවයි ඔහු කියා සිටින්නේ.

ව්‍යාපාරික පසුබිමකින් පැමිණෙන නලීන් ප්‍රනාන්දුට දේශපාලනයෙන් හරි හම්බ කිරීමට තරම් අවශ්‍යතාවයක් නොමැති අතර ඔහු වැඩක් කර ඇති වැඩක් කල හැකි උගත් හා බුද්ධිමතෙකු ලෙස සිය මැතිවරණ ප්‍රචාරණයද මනා සංවිධානයකින් යුතුව සිදු කරන බවටද වාර්තා වනවා.

LEAVE A REPLY