මෙවර පාර්ලිමේන්තු මැතිවරණය වෙන කවරදාටත් වඩා වෙනස් වන්නේ ලෝකයටම තර්ජනයක් වූ කොරෝනා අවසංගතය මැද පවත්වන මැතිවරණයක් නිසාම පමණක් නොවේ. මෙවර පැහැදිලිවම ජනාධිපති ගොටභය රාජපක්ෂ මහතාට වැඩ කරන රටක් නිර්මාණය කිරීමට අවශ්‍ය බහුතර බලය ලබා දීමට අවශ්‍ය කටයුතු සුදානම් කිරීම ප්‍රමුඛ කාර්ය භාරයක් වී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ගෝඨාභයගේ හා අගමැති මහින්දගේ නායකත්වයෙන් පැහැදිලි සහ නිතරඟ ජයක් ලැබීමට සියලු සුදුසුකම් සපුරා හමාරය. එබැවින් මෙහිදී ජයග්‍රහණයට වඩා ජනාධිපතිවරයාගේ වැඩ කරන රටක් ප්‍රතිපත්තිය ඉදිරියට යන්නට දක්ෂයින් පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමට මහජනයා කටයුතු කල යුතුමය.

වැඩක් කල හැකි වැඩක් කර පෙන්වා ඇති දක්ෂයින් පරිසක් මෙවර අනිවාර්යයෙන්ම මැතිසබය නියෝජනය කලයුතු අතර එහි වගකීම පැවරී ඇත්තේ ඔබෙත් මගෙත් හිස මතය. කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගන්නට සුදුසු ව්‍යවසායකත්වය හා ව්‍යාපාරික ඥානයෙන් රටම දිනවූ පුද්ගලයින් අතලොස්සක් මෙවර මැතිවරණයට ඉදිරිපත් වන අතර එදා එක්සත් ජාතික පක්ෂය විනාශ කර දැමු “සතොස” යලි ගොඩනඟා මහින්ද රාජපක්ෂ මහතාගේ එවක පැවති රජයට විශාල ශක්තියක් සැපයු නලීන් ප්‍රනාන්දු මහතා ඒ අතරින් ප්‍රමුඛතම චරිතයකි.

ගම්පහ දිස්ත්‍රික්කයේ ජා ඇළ ප්‍රදේශයෙන් දේශපාලනට පිවිසෙන නලීන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව යටතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් අංක 08 නියෝජනය කරමින් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වී ඇති අතර ඔහු ඉහලින්ම දිනවා පාර්ලිමේන්තුවට පත්කොට යැවීම මගින් කඩා වැටුණු ආර්ථිකය යලි ගොඩ ගන්නට මනා ශක්තියක් හා සහයෝගයක් රාජ්‍ය නායකත්වයට ලැබෙනු නිසැකය.

නලීන් ප්‍රනාන්දු මහතා සතොස ගොඩ නගා ජාතියට ශක්තිය දුන් අකාරය සියලු දෙනාගේ දැනගැනීම සඳහා අප ඉදිරිපත් කලේ මේ අකාරයටයි…

2006 දී ගොඩගත් “සතොස” කැලෑ පාළු රිෂාඩ් 2015දී විනාශයට ගෙනගිය හැටි! [VIDEO]