පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ෂහිඩ් අෆ්රිඩිට කොරෝනා වෛරසය අසාදනයවී ඇති බව ට්විටර් පණිවිඩයක් මඟින් නිවේදනය කර තිබෙනවා.
“බ්‍රහස්පතින්දා සිට මට අසනීපයක් දැනෙනවා; මගේ ශරීරය දරුණු ලෙස වේදනා වින්දා. මාව පරීක්ෂාවට ලක් කර ඇති අතර අවාසනාවකට මම කොවිඩ් -19 ධනාත්මකය” ලෙස එහි සඳහන් කර තිබෙනවා.
හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයා මෑතකදී ඔහුගේ සහනාධාර පදනමේ කාර්යබහුල වී සිටියේ රට කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ ය.