කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ රථවාහන නිෂ්පාදනය සම්පුර්ණයෙන්ම බිඳවැටි තිබේ.

පසුගිය මාසයේ දි එරට ප්‍රධාන පෙළේ මොටර් රථ නිෂ්පාදකයින් විසින් අළුතින් නිෂ්පාදනය කර ඇත්තේ ප්‍රිමියම් සහ ලක්සරි ස්පොර්ට්ස් වර්ගයේ වාහන 197ක් පමණක් බව වාර්තා වේ.

සමාන්‍යයෙන් එරට තුළ මාසිකව වාහන හාරලක්ෂයක් පමණ නිෂ්පාදනය කෙරෙයි.

ඒ අනුව පසුගිය වසරේ අප්‍රේල් මාසයට සාපෙක්ෂව මෝටර් රථ නිෂ්පාදනය සියයට 99.7 කින් පහත වැටි තිබේ.

දෙවන ලෝක යුද්ධයෙන් පසු මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තය එලෙස බිඳවැටි ඇත්තේ පළමු වරට බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.