රජය රුපියල් ලක්ෂ 95කට ආසන්න මුදලක් වැයකොට කොළඹ සිරවී සිටි පිරිස් ගම්බිම්වලට යැවීමට පියවර ගත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පැවැසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ ඊයේ (20 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ​ හෙතෙම මෙසේද පැවැසීය.

පසුගිය දිනවල මංගල සමරවීර මාධ්‍ය ඉදිරියේ සිදුකරන ලද ප්‍රකාශ මගින් සංඝරත්නයට අපහාස කරන අයුරු දුටුවා. බුදුරදුන් සමයේ දෙව්දත් සිටියා වාගේ තමා මංගල සමරවීර මහා සංඝරත්නයට අපහාස කරන්නේ. මහා සංඝරත්නය දකිනකොට හරියට නයාට අඳුකොළ වගේ.

බෞද්ධකමට නිගාවන අයුරින් කටයුතු කරන දේශපාලකයෝ අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා. සමගි ජල බලවේගය නිර්මාණය වෙලා තිබෙන්නේ මෙවැනි පුද්ගලයන්ගෙන් බව පැහැදිලිය.

මේ රට සිංහල බෞද්ධ රටක් බව බය නැතුව අපි ප්‍රකාශ කරනවා. ඒ වගේම ඒ ඒ පුද්ගලයන්ට තම තමන්ගේ ආගම් ඇදහීමේ නිදහස තහවුරු කර තිබෙනවා. වර්ෂයක් පාසා සමරන රණවිරු උත්සවයට මංගල සමරවීරගේ කැමැත්තක් නැහැ. අපගේ වීරෝදාර රණවිරුවන් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් හා සමාන කරලයි ඒ අය එදා කතා කළේ.

විපක්ෂයේ අය ඡන්දවලට ගෙන යනවා කියන්නේ බල්ලෝ නාවන්න ගෙනියනවා වගේ. විපක්ෂයේ අය බලාගෙන ඉන්නේ ඡන්දය කල්දාලා නැවත පරණ පාර්ලිමේන්තුව කැඳවන්නැයි.