කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයෙකු කතා කිරිමේ දී මුඛයෙන් පිටවන ඛේට බිඳිති විනාඩි 8ක කාලයක් අවකාශයේ රැඳී පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී ඇත.

මෙය අමෙරිකාවේ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලය හා ජාතික සෞඛ්‍ය ආයතනය එක්ව සිදුකළ නවතම පර්යේෂණයකින් අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එම ඛේට බිඳිති විනාඩි 08ක කාලයක් වාතයේ රැඳි පවතින අතර යමෙකු ඒවා ආශ්වාස කළහොත් ඔහුට වෛරසය ආසාදනය වන බව පරික්ෂණයෙන් හෙළි වී ඇත.