ප්‍රාදේශීය මාධ්‍යවේදීන් තම ජීවිත සහ තමන්ගේ අයවලුන්ගේ ජීවිතද පරදුවට තබා ගොස් ප්‍රවෘත්ති ගෙන එති. බහුතරයක් මාධ්‍යවේදියන්ට මේ දිනවල වැලේ වැල් ද නැත. ලැබූ සොච්චමද කතුරු වලට හසුවෙමින් පවතී. කතෘවරුන්ගේ තත්වයද එසේමය. පඩි ලැබෙන්නෙ ප්‍රතිශතවලට අනුවය. දිනපතා නිදිවරමින් අකුරු ලියනයන්ගේ, පිටු සකසන්නන්ගේ, මුද්‍රණ සේවයන්ගේ, පැටවුම් සේවකයන්ගේ, බෙදාහැරීම් සේවකයන්ගේ තත්වය ඉතා ඛේදජනකය. උන් සිටින්නේ ලබන මාසයේ බත් කන හැටි ගැන සිතමින් ය. බහුතරය තාමත් වැඩ නැතිව නිවසෙහි ය.

ඒ සියල්ලට පසුව වේදිකාවට ගොඩවන්නේ කියවන්නේ පත්තර කියවන්නාය. මුල් කාලයේ ඔවුන් ගොඩ වූයේ සිරස්තල කියවන්නන් ලෙසය. පසුකාලීනව ඔවුන් සිරස්තල හැර අනෙකුත් සියල්ලම කියවන්නට විය. තම හාම්පුතාගේ දේශපාලන මතවාදය සහ තමන්ගේ මතවාදය, තමන් උපතින් ගෙන ආ ඉඟි බිඟි, සමීප මුහුණු ඉරියව්, හැඟීම් ප්‍රකාශන මැදින් දැන් ඔවුන් කරන්නේ පත්තර සිරස්තල කියවීමද නැතිනම් වෙන මොකක් හෝ දැයි ප්‍රශ්නාර්ථයක් ඇත.

පත්තරකාරයින් පත්තර අච්චු ගසන්නේ ටීවි වල සිටිනා ජනප්‍රිය පුද්ගලයන්ට තම සිතැඟි කියැවීමට දැයි මට සිතුන වාර අනන්තය.

ඒ අතරතුර ජනප්‍රිය පුවත්පත් සිරස්තල වලටත් එහා ගිය දෑ කියවන්නෙකු වූ රංගන BMW රථයකින් පැමින අද උදේ ස්වර්ණවාහිනියේ “පත්තරේ” කියවන්නට විය.
පත්තරේ රංගනගේ අතටම ගෙනත් දීමට දස අතේ කැඹුරූ ඉහත කී අයවලුන් සීනිවත් පිටිවත් යහමින් නැති තේ කහට කෝප්පයක් බොමින් රංගන දෙස බලා සිටිනු ඇත. රංගන සියල්ල අවසන BMW රථයෙන්ම ආපසු යනු ඇත.

රංගනලාට, චතුරලාට තම සිතැඟි කියවීමට පත්තර ගැසීමට පත්තරකාරයින් හෙටත් මහමගට බැසීමට නියමිතය… !

සටහන : Pubudu Priyanga