බඩගින්නට කොස්ගෙඩියක් කැඩූ තරුණයෙකුට මාතරදී අමානුෂික ලෙස කැත්තකින් කෙටූ බවට වාර්තා වනවා.

කොස්ගෙඩියක් කැඩීමට ගිය අයෙකුට ආයුධයකින් පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර  අදාළ සිදුවීම වාර්තා වන්නේ මාතර නාදුගල ප්‍රදේශයෙන්. පහරකෑමට ලක්වූ තරුණයා මාතර මහරෝහලට ඇතුලත්කර ඇති බවයි වාර්තා වන්නේ.

රටේ පවතින ඇඳිරිනීතිය හා කොරෝනා තත්වය හමුවේ එදිනෙදා කුලී වැඩ කරමින් සිය දිවිය ගැටගසාගෙන ජීවත් වන බොහෝ පිරිසක් පීඩා විඳිමින් සිටින මෙවන් අවස්ථාවක මෙතරම් අමානුෂික මිනිසුන් සිටීම ඇත්තටම කණගාටුදායක කරුණක්…

සමාජ ජාල වල සංසරණය වන වීඩියෝව පහතින්…