රටේ පවතින කොරෝනා වසංගත තත්වය උපයෝගී කරගෙන බොර දියේ මාළු බාන කප්රුක ආයතනයේ පාරිභෝගිකයින් හුරාගෙන කෑම පිළිබඳව අප ඊයේ කල හෙළිදරව්වට අනුව ක්‍රියාත්මක වූ පාරිභෝගික සේවා අධිකාරිය අද එම ආයතනය වැටලීමකට භාජනය කර තිබෙනවා.

ඒ අනුව  එම ආයනය මගින් රුපියල් 100 කට මිල නියම කර තිබු සැමන් ටින් රුපියල් 550 කටත් ,රුපියල් 150 වන බී ලූනූ කිලෝවක් රුපියල් 500 කට , රුපියල් 65 ක් වන පරිප්පු කිලෝව රුපියල් 180 කටත් ,රුපියල් 92 ක් වන පාන්පිටි කිලෝව රුපියල් 350 කටද අලෙවි කර ඇති බවද පාරිභෝගික සේවා අධිකාරිය ප්‍රකාශ කර සිටිනවා.

රටේ සහ මුළුමහත් ලෝකයේම  ජනතාව හදිසි අපදා තත්වයකට පත්ව ඇති මෙවන් මොහොතක ඒ අවස්ථාව උපයෝගී කරගෙන අවස්ථාවාදී පහත් ව්‍යාපාරික හැසිරීමක් පෙන්නුම් කල කප්රුක ආයතනය සහ එහි හිමිකරු වන දුලිත් හේරත් වැන්නවුන් පිළිබඳව ජනතාව පිළිකුල් සහගතව අදහස් දක්වමින් කියා සිටින්නේ ජනතාව මරණ බියෙන් ඇලලී කන්නට බොන්නට යමක් සොයනා විට එයින් ලාභ ඉපයීමට තරම් මොවුන් පහත් පුද්ගලයින්ද යන්නයි.

කෙසේ වෙතත්  අධික මිල යටතේ අලෙවි කළ භාණ්ඩ ලබාගත් පාරිභෝගියන්ට වැඩිපුර ගෙවූ මුදල් යළි ලබා දීමටත් එම වෙළද සමාගම විසින් පාරිභෝගික අධිකාරියට පොරොන්දු වී තිබෙන අතර  ඇදිරිනීතිය පවතින අවස්ථාවේ පාරිභොගිකයින් ගසාකෑම සම්බන්ධයෙන් ආයතනයට එරෙහිව නඩු දැමීමටද පාරිභෝගික අධිකාරිය පියවර ගෙන ඇත.

සමාජ ජාල ඔස්සේ වාර්තා වූ මෙම පුවතට පැය 24ක් යන්නට මත්තෙන් ප්‍රතිචාර දැක්වීම පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරියට මෙන්ම එම වැටලීමට සම්බන්ධ වූ නිලධාරීන් හට අපගේ ස්තුතිය පල කරන අතරම මෙවැනි අසාධාරණ ලෙස කටයුතු කරන තවත් පුද්ගලයින් සිටීනම් නොභියව ඔවුන් හෙළි කර නීතිය ක්‍රියාත්මක කිරීමට සහාය වන ලෙස අප පාරිභෝගික ජනතාවගෙන්ද ඉල්ලා සිටිමු.

වැටලීම සිදුවූ අවස්ථාවේ වීඩියෝව පහතින්….

 

අප ඊයේ දිනයේ පලකල පුවත මෙන්න…

කොරෝනාවෙන් අසරණවූ ජනතාව හුරාගෙන කයි – අමනුස්ස “කප්රුක” ගිනි ගානට බඩු විකුණා අතේ මාට්ටු!