මේ වනවිට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 97ක් දක්වා ඉහල ගොස් ඇති අතර රජය සහ සෞක්‍ය අංශ ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති අතර එහි ප්‍රතිපලයක් ලෙස රට පුරා ඇඳිරිනීතිය පැනවීමද සිදුකොට ඇත. මේ හේතුවෙන් ඇති හැකි පිරිසට වඩා වැඩි වශයෙන් පීඩා විඳින්නේ එදා වේල සරි කරගත් අහිංසක දුප්පත් ජනතාව බව නොරහසක්.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා විසින් රටේ ජනතාව වෙත සහන රැසක් ලබාදීමට කටයුතු කල අතර ඉදිරියේදී කුලී වැඩ කරමින් තම එදිනෙදා වියදම සොයාගත් අහිංසක අසරණ ජනතාව ඉලක්ක කරගෙන තවත් විශේෂ ව්‍යාපෘතියක් බැසිල් රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙන් ආරම්භ කිරීමට සුදානම් බව අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා විසින් ප්‍රකාශ කොට සිටියා.

අමාත්‍යවරයා ප්‍රකාශ කල ආකාරයට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ මට්ටමින් ඒ ඒ ප්‍රදේශවල කුලී වැඩ කරමින් ජීවත් වන අඩු ආදයම්ලාභි පිරිස් පිළිබඳව තොරතුරු රැස් කිරීම සිදුවන අතර ග්‍රාම නිලධාරීන්, ප්‍රදේශය ලේකම් කාර්යාල මෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යල හරහා අදාළ තොරතුරු ලබා ගැනීමටයි යෝජනා වී ඇත්තේ.

එමෙන්ම සමෘද්ධි හිමිකම් ලාභින් වෙනුවෙන්ද බැසිල් රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීමෙන් සහන රැසක් ලබාදීමට වැඩ කටයුතු සකස් කෙරෙමින් පවතින අතර එහි මුලික අදියර ලෙස රුපියල් 10,000ක දීමනාවක් ලබාදීමේ කටයුතු හෙට සිට ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ. එම මුදල් ATM කාඩ්පත් හරහා ලබාගැනීමට පහසුකම් සපයා ඇති අතර බැංකු වෙත යාම අවම කරමින් මුදල් ලබාගැනීම එහි අරමුණයි.

තේ වතු අශ්‍රිතව වැඩකටයුතු කරන ජනතාවටද ඔවුන්ගේ ජීවිකාව ගොඩ නැගීමට සෞක්‍ය අංශ වල අධීක්ෂණය යටතේ ඔවුන්ගේ වැඩකටයුතු සිදු කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන අතරම වතු සමාගම් හා රජය එක්ව අසරණව සිටින ජනතාවට සහන සැලසීම සඳහාද කඩිනමින් ක්‍රියාමාර්ග ගැනීමට සුදානනම් අතර අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය හිගයකින් තොරව කඩිනමින් ජනතාව වෙත ලබාදීම සඳහාද ප්‍රාදේශීය ලේකම් කාර්යාල, සමුපකාර සමිති සහ සතොස වැනි ආයතන සම්බන්ධීකරණය කරමින් කටයුතු කිරීමට සැලසුම් සකස් කොට ඇති බවයි ලක්ෂමන් යාපා අමාත්‍යවරයා වැඩි දුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.