කොරෝනා වසංගතයේ භීතිය මෙරට තුලද පැතිරයන අවස්ථාවක රජය හා සෞක්‍ය අංශ රටේ ආරක්ෂක අංශද සමඟ එක්ව ජනතාව ආරක්ෂා කරගැනීමට වෙරදරන මොහොතක සමස්ත රටේ ජනතාව තමන්ට අවශ්‍ය කෑම බීම වැනි අවශ්‍යතා සපුරාගැනීමට යුධ වැදී සිටිති.

නමුත් රටක් අසරණව හඬා වැටෙන මේ මොහොතේ බොරදියේ මාළුබාන කාලකන්නි වෙළෙන්දෝ පිරිසක් බිහිව සිටී එයට කදිම උදාහරණයක් සපයමින් “කප්රුක” නමින් අන්තර්ජාලය තුල සිය වෙළෙඳාම කරන සමාගම ඉතා ඉහල මිලගණන් වලට අහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය විකුණන බවට වාර්තා පලවනවා.

ඒවාට සාක්ෂි කිහිපයක් පහතින් දක්වා ඇත්තේ සිය අත්දැකීම සමාජ ජාල තුල ප්‍රචාරය කිරීමට පාරිභෝගිකයින් කටයුතු කල ආකාරයයි.

මෙම ව්‍යාපාරයේ හිමිකරු වන දුලිත් හේරත් මේ බව දැනුවත් බව අපි දනිමු ජනතාව මේ පිළිබඳව කතා බහ කරන බව දැනුන වහාම සමහරවිට මිල ගණන් වෙනස් කරන්නට ඉඩ ඇති බවද අප මතක් කරන අතර දුලිත් මීට පෙර නීති විරෝධී මත්පැන් අලෙවි කර හසුවූ පුද්ගලයකු බවටද දැනගන්නට තිබේ.

ගමේ සිල්ලර කඩයේ පාලන මිලට වඩා බදු විකුණන මුදලාලිලාට පාරිභෝගික සේවා අධිකාරිය නීතිය ක්‍රියාත්මක කලද මෙවන් මහා පරිමාන අවස්ථාවාදී වෙළෙන්දන්ට ඔවුන් පියවර නොගන්නේ ඇයිද කියා අප අසා සිටිමු. මේ එකක් වුවත් මෙවැනි වංචා බොහොමයක් සිදු වන බවද අප දනිමු බලධාරීන්ට කියන්නට ඇත්තේ මෙවන් කූට ව්‍යාපාර වලට ජනතාව හුරා ගන්නට ඉඩ නොදී නීතිය ක්‍රියාත්මක කරනා ලෙසටයි.

එමෙන්ම දුලිත්ට කියන්නට ඇත්තේ රටේ ජනතාව මර බියෙන් සිටින මෙවන් අවස්තාවක තමන්ගේ සාක්කුව පුරවා ගන්නට මෙසේ අවස්ථාවාදී ලෙස කටයුතු කරන්නේ මොන හිතකින්ද කියාය. ඔබ ඒ තරම් අමනුස්සයෙක්ද කියා අප අසා සිටිමු.

www.kapruka.com හි හිමිකරු දුලිත් හේරත්