කොරෝනා වෛරසයෙන් බේරීම පිණිස ලෝක ප්‍රසිද්ධ විෂබීජ නාශක දියරයක් භාවිතා කිරීමට වට්ස් ඇප් ඔස්සේ පැතිරුණු පුවතකට උඩගෙඩි දීමක් ලෙස දකුණු අප්‍රිකාවේ 59 දෙනෙකු එම නාශක දියරය පානය කිරීමෙන් මියගොස් තිබෙනවා. 

එරට දේවස්ථානයකට පැමිණි පිරිසකට මෙම විෂබීජ නාශකය ලබාදීමට කටයුතු කර ඇති අතර පසුව එය පානය කිරීමෙන් මෙලෙස ජීවිත 59ක් අහිමි වී ඇති බව සඳහන්.

මේ අතර සිද්ධිය හේතුවෙන් තවත් පිරිසකගේ තත්ත්වය බරපතල බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් විමසූ විට දේවස්ථානයේ දේව මෙහෙයන් සිදුකරන තැනැත්තා පවසා ඇත්තේ දෙවියන් විසින් තමා හට මෙම නාශකය ජනතාවට ලබාදෙන ලෙසට පැවසූ බවයි.

කෙසේ නමුත් අදාල සිද්ධියට සම්බන්ධ සියලුම දෙනාට නීතිය ක්‍රියාත්මක කර ඇති අතර අසත්‍ය ප්‍රචාර වලට නොරැවටෙන ලෙස අපද ඔබගෙන් ඉල්ලා සිටිනවා.