දෑත් ගැන අවධානයෙන් ඉන්න

අවධානම් සහිත තත්වය නිසා වැළද ගැනම වගේම අතට දීමත් සීමා කිරීම වැදගත්.ඒ වගේම බාහිර පරිසරයට නිරාවරණය වන ඔබේ දෑත් නිතර පිරිසිදුව තබාගන්න

ලේන්සු හෝ ටිෂූ පාවිච්චි කරන්න

කැස්ස හෝ කිවිසුම් යාමේදී හැම විටම ලේන්සු හෝ ටිෂූ පාවිච්චි කරන්න.පාවිච්චි කළ ටිෂූ ආරක්ෂා කාරි විදිහට බැහැර කරන්න.ලේන්සු විෂ හරණය වන පරිදි වෙනම පිරිසිදු කරගන්න

ගෙදරටම වෙලා ඉන්න බලන්න

සෙනග ගැවසෙන පොදු ස්ථාන වලට නොයා ඉන්න වගේම පොදු ස්ථාන වල ඉදලා එන අමුත්තන් සීමා කරන එක තුලින් අපිට අවධානමෙන් මිදෙන්න ලොකු අවස්ථාවක් හිමි වෙනවා

කෝල් එකක් දෙන්න

උණ රෝගී තත්වයකින් පටන් ගන්න කොරෝනා බලපෑම පසුව වියළි කැස්සක් බවට පත් වෙනවා.සතියකින් විතර පස්සේ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වන අතර හිසරදය කැස්ස මස්පිඩු වේදනා වගේම ශ්වසන අපහසුතා කොරෝනා තත්වයේ මූලික ලක්ෂණ විදිහට හදුන්වනවා

මෙන්න මේ වගේ සැක සහිත තත්වයක් ගැන ඔබට දැනෙනවා නම් වෛද්‍ය මධ්‍යස්ථානයකට යන්න කලින්  011 307 10 73 අංකයෙන්  සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැය 24 ම විවෘත කොරෝනා තොරතුරු ඒකකයට කතා කරන්න

තනිවෙන්න

ඔබට  කොරෝනා ආශ්‍රිත රෝග ලක්ෂණ තිබෙන බවට සැකයක් තියනවා නම් නිසි ප්‍රතිකාර සදහා යොමුවෙන තුරු කාල සීමාවෙදි හැකිතාක් අනෙක් අයගෙන් ඈත් වෙන්න.හොද වාතාශ්‍රයක් තියන කාමරේක දොර වහගෙන ඉන්න.පොදු නාන කාමර පාවිච්චි කරන්න වෙනවා නම් අනික් අය ගියාට පස්සේ යන්න.තුවා සබන් වගේ දේවල් පොදුවෙ පාවිච්චි කිරීමෙන් වලකින්න

අපද්‍රව්‍ය ගැන සැලකිලිමත් වෙන්න

සැක සහිත මට්ටමක ඉන්නවා නම් ඔබේ කුණු බෑග් දෙකකට දාලා බැහැර කරන්න.බැරි වෙලාවෙත් ඔබ ආසාධිත තත්වයේ ඉන්නවා කියලා තහවුරු වුනොත් අපද්‍රව්‍ය පුලුස්සලා විනාශ කරන්න

මූලාශ්‍රය ලෝක සෞඛ්‍ය සංවිධානය