කොරෝනා වෛරසය නිසා වැඩිම බලපෑමක් ඇතිවූ රට මේවන විට ඉතාලියයි. ඊයේ දිනයේ විතරක් නව අසාධිතයින් 2313ක් හදුනා ගත්තා. කොරෝනා රෝගය ආරම්භක රට චීනය වුනත් චීනයේ ජනගහනය මිලියනයකට රෝගීන් 56ක් සිටින විට ඉතාලියේ ජනගහනය මිලියනයකට රෝගීන් 206 සිටින බවට වාර්තා වෙනවා. ඒ කියන්නේ කොරෝනා රෝගයේ බලපෑම ඉතාලියට චීනයේ මෙන් 4 ගුණයක්. පිලිවෙලින් දකුණු කොරියාව, බහරේන්, නොර්වේ, ඉරානය ඇතළුව රටවල් 8 චීනයට ඉදිරියෙන් මේ කොරෝනා රෝගයට ගොදුරුව සිටිනවා.

ඉතාලියේ ජනතාව හට කැස්ස, හෙබිරිස්සව, උණ වගේ රෝගී ලක්ෂණ මතුවෙන කොට ඔවුන් එය තුට්ටුවකට ගණන් නොගෙන සුපුරුදු ලෙස කාලය ගතකලේ එය කොරෝනා නොවන flu තත්වයක් බවට සිතු බැවිනි. ඔවූන් සුපුරුදු සේ පැනඩෝල් පෙත්තක අධාරයෙන් විනෝද වෙමින් දෛනික කටයුතු වල නිරත වුනා. නිව්මෝනියා තත්වයෙන් පුද්ගලයින් මිය යාමට පටන් ගත් විට තමයි ඔහුන් කලබල වෙන්න පටන් ගත්තේ. නමුත් ඒ වෙනකොටත් බොහොමයක් ප්‍රමාද වැඩි. මොකද ගොඩක් අය ඒ වෙනකොටත් රෝගයට ගොදුරු වී හමාරයි. පෙබරවාරි 15 ඔවුන්ගේ  පළමු කොරෝනා රෝගියා වාර්තා වුනා, අද වෙනකොට 12462 රෝගීන් වාර්තා වෙනවා . ඊයේ දිනයේ පමණක් රෝගීන් 2313ක්. ඉතාලිය මේ තත්වයට ගොදුරු වන්නේ සම්පුර්ණයෙන්ම නොසැලකිලිමත් කම නිසා. එය හොදින් තේරුම් යන්නේ සිංගප්පුරුව වැනි රටක් එක්ක සංසන්ධය කරන විටයි. ජන ඝනත්වය වැඩිම රටක් වන සිංගප්පුරුවේ පළවෙනි රෝගියා හමුවන්නේ ජනවාරි 23. අද වෙනකොට සිංගප්පුරුවේ හමුවුන රෝගීන් සංඛ්‍යාව 178. කිසිම රෝගියෙක් මිය ගියේ නෑ. ජනගහනය මිලියනයකට වාර්තා වන රෝගීන් ගණන් 30යි. ඒ වෙනස සිදු වන්නේ සිංගප්පුරු රජය එම රෝගය පාලනය කිරීමට ගත් පියවර අනුවයි.

කොරෝනා රෝගයට බය වෙන්න අවශ්‍ය නෑ. නමුත් ප්‍රශ්නය මනාව  කළමනාකරණය කර ගැනීමට එහි අවදානම මනාව අවබෝධ කර ගත යුතුය. කොරෝනා රෝගය නිසා රටකට වෙන ආර්ථික හානිය  කියලා නිම කරන්න බෑ.. අපේ වගේ රටකට ඉතාලියේ වගේ තත්වයක් උද්ගත උවහොත් ඔරොත්තු දෙන්නේ නෑ. ඒ නිසා ශ්‍රී ලංකා රජයට සහ පුරවැසියන්ට මේ තත්වයෙන් රට බේරා ගැනීමට කල හැකි පියවර කිහිපයක් මෙසේ දක්වමි.

✅ පළමු ශ්‍රී ලංකික කොරෝනා අසාධිතයා හමුවූ නිසා රෝගය පැතිරීම වලක්වා දැනට රෝගය කොතරම් දුරට පැතිරී ඇත්තද නිශ්චය කර ගැනීමට කටයුතු කල යුතුයි. රෝගය පැතිරීමේ අවස්ථා අවම නොකර රෝගය දැනටමත් කොතරම් පැතිරී ඇත්තද යන්න ප්‍රයෝගිකව නිගමනය කල නොහැකි. ඒ නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි දින 14කට පාසැල් සහ සත්වෝද්‍යානයන්, කටුගේ , ගෝල්ෆේස් වැනි ජනතාව ගැවසෙන පොදු තැන් වසා දැමිය යුතුය.
✅කැස්ස, හෙබිරිසාව වැනි තත්වයන් සහිත දින 21ක් ඇතුලත විදේශ සිට පැමිණි හෝ සංචාරකයින් සමග ගණුදෙනු කල හෝ ගැවසුණු තැන් වල කාලය ගත කල අය කොරෝනා රෝගී තත්වය සදහා වන පරික්ෂාවට ලක් කල යුතුයි.
✅කොරෝනා රෝගී තත්වය සදහාම වූ swab test කට්ටල සහ මුඛ ආවරණ ආනයන කර රෝහල් වලට ලබා දිය යුතුයි. එමගින් පැය 3-6 ක් අතර කාලයක් තුල රෝගී ආසාධිත නැද්ද යන්න හදුනා ගත හැකියා තිබේ. උණ හෙමිබිරිස්සාව වැනි කොරෝනා රෝග ලක්ෂණ පෙන්වන සියලු දෙනා එම පරික්ෂාවට ලක් කල යුතුය.
✅ඉතාලිය කොරියා වැනි රටවලින් ශ්‍රී ලාංකියන්ට හැර අනෙක් අයට රට තුලට ඇතුළු වීම අත්හිටවිය යුතුය. ඒ වගේම පැමිණෙන සියලු දෙනා කොරෝනා සදහා වෙන swab test පරික්ෂාවට ගුවන් තොටුපලේදීම ලක් කර කොරෝනා අසාධිතයන් ලෙස හදුනා ගන්න පුද්ගලයින් වෙන්කර ඔහුන් රෝහල් වෙතත් අනෙක් අය නිරෝධායනය මධ්‍යස්ථාන වලටත් යොමු කල යුතු. එසේ නැතුව සියලු දෙනාම නිරෝධායනය මධ්‍යස්ථාන වලට යොමුකිරිම හරහා රෝගය පැතිරීමේ අවදානම ඉහල යයි
✅රෝහල් වෙත පැමිණෙන උණ හෙබිරිස්සව, හෝ කැස්ස ඇති සියලු රෝගීන් හට නොමිලයේ මුඛ අවර්ණ 10ක් වත් ලබා දිය යුතුයි. එසේ කරනුයේ කොරෝනා නොවන වෙනත් ශ්වසන රෝග පැතිරීම වැලැක්වීම ජනතාව කලබල වීම අවම කර ගැනීමට හේතු වන නිසා වෙනි.
✅සිංගප්පුරුවේ මෙන් හදුනා ගන්නා සියලු කොරෝනා රෝගීන් ගේ විස්තර සහ ආපස්සට දින 14ක් තුල ඔහුන් ආගිය තැන ගැන විස්තර වෙබ් සහ පුවත් පත් හරහා ප්‍රසිද්ධියට ලක් කල යුතුවේ.
✅කොරෝනා රෝගීන් ආශ්‍රය කල සියලු දෙනා නොරෝධයනය ක්‍රියාවට ලක් කල යුතුවේ. සිංගප්පුරුවේ නම් ඔහුන්ට අනිවාර්ය ලෙස දින 14ක් නිවෙස් වල ගත කරන්න නියෝගයක් ලබා දෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් සහ පොලිසිය ලවා ඔහු එම නියෝග පිළිපදිනවාද යන්න තහවුරු කරනවා. නිරෝධායනය කටයුත්ත ඒ ඒ අයගේ නිවාස වලම සිදු කරනු ලබනවා. නමුත් මෙය ලංකාව තුල කෙතරම් ප්‍රයෝගික ද යන්න නිසා නිරෝධායනය අවශ්‍ය වන පුද්ගලයින් එම මධ්‍යස්ථාන වෙත යොමු කල යුතුය.
✅රෝගී තත්වයේ ව්‍යාප්තිය හදුනා ගෙන සිතියම් ගත කරන තෙක්. ඉරිදා දින වල කතෝලික මෙහෙයන්, සිකුරාදා දින වල මුස්ලිම් පල්ලි වල දේව මෙහෙයන් ඇතිලු සියලු ආගමික ස්‌ථානව වල ආගමික කටයුතු අවම වශයෙන් සති 2කක් කාලයක් වත් අත්හිටවිය යුතුයි.
✅රුපවාහිනී චැනල් සියල්ලේම එක වර මෙම රෝගය පිළිබද විස්තර සහ ඉන් වැලකීම සදහා මහජනතාව හට කල හැකි දේ ගැන දැනුවත් කිරීමත්, රෝගී තත්වය පිළිබද දෛනික වාර්තාවක් ඉදිරිපත් කිරීමටත් කටයුතු කල යුතුයි.
✅ජනාතව හැකි සැම විටම තම අහාර ගෙදර පිළියෙල කර අනුබව කිරීමත් අත්‍යවශය කාරණයක් නොවන්නේ නම් ෂොපින් මෝල් හෝ කඩ සාප්පු වෙත ගමන් කිරීම වැලක් විය යුතුයි. සිනමා ශාලා, සංගීත ප්‍රසංග වැනි සියලු දේ සති 2කක කලාක් සදහා මුලික අත්හිටවිය යුතුයි.

✅සියලු දේශපාලන රැස්වීම ජන හමු අත්හිටවියුතුයි. උත්සව ශාලාවල පවත්වන සියලු අත්‍යවශ්‍ය නොවන මිටින් නවතා දැමිය යුතුයි. ඒ වගේම යම් මහජන හමු පවත්වන්නේ නම් එම event සදහා පැමිනෙන් නන් හට සවිධායක වරු ලවා මුඛ ආවරණ සැනිටයිස්ර් ලබා දීම අනිවාර්ය කල යුතුයි.

✅ඉදිරි සති 2කක කාලය තුල ජනතාව විසින් පවත්වන උත්සව සාදයන් අවම කල යුතුයි. සහභාගිත්වයත්  අවම ලෙස පවත්වා ගැනීමට උපදෙස් දිය යුතුයි.

✅සියලු අන්තර් පාසැල් සහ ජාත්‍යන්තර ක්‍රිකට් තරග, පාසැල් ක්‍රීඩා උත්සව වෙනත් රජය හා රාජ්‍ය නොවන ක්‍රීඩා උත්සව අවලංගු කල යුතුය

✅කොරෝනා ආසාධිත රටවල් වල සේවය කර ලංකාවට පැමිණෙන සෞඛ්‍ය වෘත්තිකයන්ට අනිවාර්ය නිරෝධායනයට ලක්කල යුතුය

කෙනෙකුට මෙම කටයුතු අනිසි බියක් නිසා කරන අනවශ්ය ක්රියාවක් සේ හැගියන්න පුළුවන්. රාජ්ය මෙවැනි පියවර ගැනීම ආර්ථික වශයෙන් තදින් බල පෑමටත් පුළුවන්. නමුත් දින 14ක් වැනි කාලයක් තුල මෙවැනි ක්රියා පිළිවෙතක් අනුගමනය කිරීම මගින් විය හැකි ව්යසනයක් වලක්වා ගැනීමට හැකි අතර විය හැකි විශාල ආර්ථික අර්බුද වලක්වා ගන්න පුළුවන්.

සටහන – ඕශල හේරත්