එදා එකසත් ජාතික පක්ෂ රජය යටතේ  රවී කරුනානයකලා විනාශ කල සතොස යලි ගොඩගෙන රටේ ජනතාවට අවශ්‍ය අහාර පාන සහන මිලට සපයා දීම සඳහා විශාල මෙහෙයක් කල නලීන් ප්‍රනාන්දු මහතා පිළිබඳව බොහෝ දෙනා දන්නා නමුත් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට මාධ්‍ය සංදර්ශන නොමැතිව විශාල මෙහ්වරක් කරන නලින් ප්‍රනාන්දු මහතාව බොහෝ විට නොදන්නවා විය හැක.

වර්තමානයේ වැඩ කරන රටක් නිර්මාණය කිරීමට යන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උගත් බුද්ධිමත් තරුණ නායකත්වයක් ලෙස මේ වනවිටත් පක්ෂයේ ප්‍රභාලයින්ගේ අවධානය නලින් ප්‍රනාන්දු මහතා වෙත යොමුව පවතින්නේ උගත්කම හා දක්ෂතාවය සමගින් දේශපාලකයකුට අත්‍යවශ්‍යම සාධකය වන ජනතාව සමඟ සමීපව වැඩකටයුතු කිරීම හා ජනතා ගැටළු හඳුනාගෙන කඩිනමින් ඒවා විසඳීමට ඇති හැකියාව ඉතා ඉහල මට්ටමෙන් ඔහු සතු නිසාවෙනි.

ඒ බව මනාව පසක් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඔහු ගැන පැහැදිලි කලේ මේ අයුරින්….

අලුත් අදහස් සමඟින් ඔහු සතුව තිබු ව්‍යාපාරික ඥානය හා දක්ෂතාවය සමඟ උගත්කමද එක්වූ තරුණ නායකයකු ලෙස අග්‍රාමාත්‍යවරයා ඔහුව හඳුන්වා දෙනු ලැබූ අතර එම කාරනාව ගම්පහ ප්‍රදේශයේ සියළු දෙනා හොඳින් දන්නා කරුණක්.

ජා ඇල ප්‍රදේශයේ ජිවත්වන නලින් ප්‍රන්නන්දු මෙවර ගම්පහ දිස්ත්‍රික්කය තුල ජනප්‍රසාදයට ලක්ව ඇත්තේ ප්‍රදේශයේ මහා සංඝරත්නයේද ආශිර්වාදය ලබන සමාජ සේවකයකු ලෙසින් වන අතර ඔහු ප්‍රදේශයේ විහාරස්ඨාන මෙන්ම අන්‍ය ආගමික ස්ථාන සංවර්ධනයට සිය පෞද්ගලික මුදල් වියදම් කරමින් කල සේවය සියළු දෙනාගේ ඇගයීමටද ලක්වනවා.

හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ අඩිපාරේ යමින් දේශපාලනයට එළඹී නලීන් ප්‍රනාන්දු මෙවර ගම්පහ දිස්ත්‍රික්කයෙන් සීග්‍රයෙන් ඉදිරියට එන නවක දේශපාලකයින් වන නාලක ගොඩහේවා වැනි අය හා සම සමව ජනතා ප්‍රසාදය දිනාගෙන  පාර්ලිමේන්තුවට පත්වනු ඇති බවයි වාර්තා වන්නේ….