මාතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන දිරිය කතුන් සඳහා අත හිත ලබා දෙන විශාලතම ව්‍යාපෘතිය වන “ලිය ශක්ති” සංවිධානයේ තවත් සුවිසල් පිම්මක් ඉදිරියට තබමින් මාතර දිස්ත්‍රික්කයේ කාන්තාවන් 30,000කට ස්වයං රැකියා සඳහා පුහුණු වීම් ලබාදීමේ සහ මිට පෙර එසේ ස්වයං රැකියා ආරම්භ කල කාන්තාවන්ගේ නිෂ්පාදන හා නිර්මාණ එලි දැක්වීමේ ප්‍රදර්ශනයක් සහ දැනුවත් කිරීමේ වැඩසටහනක්  ඊයේ (08) මාතර උයන්වත ක්‍රීඩාංගනයේදී පැවැත්වුනේ 2020 ලෝක කාන්තා දිනයට සමගමිවයි.

අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතාගේ බිරිඳ වන පද්මිණි යාපා අබේවර්ධන මහත්මියගේ මුලිකත්වයෙන් ආරම්භ වූ “ලිය ශක්ති” ප්‍රජා සංවර්ධන වැඩසටහන වසර ගණනාවක් තුල මාතර දිස්ත්‍රික්කය තුල ජිවත් වන අඩු ආදායම්ලාභී කාන්තාවන්ට අත හිත දෙමින් කාන්තාවන් වෙනත් පුද්ගලයින් මත යැපීමේ ක්‍රමය වෙනුවට ආර්ථිකව  හා සමාජීයව ශක්තිමත් කාන්තාවක් බිහි කිරීම අරමුණු කොටගෙන දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක ශක්තිමත්ම හා විශාලම ප්‍රජා සංවර්ධන වැඩසටහනද වනවා. දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ හා ග්‍රාමසේවා වසම් ආවරණය වන “ලිය ශක්ති” ව්‍යාපෘතියේ මේ වනවිට සාමාජිකාවන් 65,000ක් සඳහා සිය ශක්තිය ලබා දෙනවා.

ග්‍රාමීය අහිංසක කාන්තාවන්ගේ ආර්ථික ගැටළු, රැකියා ගැටළු, දරු දැරියන්ගේ අධ්‍යාපන ගැටළු, සෞඛ්‍ය ගැටළු, සාමජිය ගැටළු ආදී දේ සඳහා සෘජුව මැදිහත්වෙමින් ගැටළු වලින් හෙම්බත් වී සිටින කාන්තාවන්ට ශක්තිමත්ව නැගී සිටින්නට මාර්ගය විවර කරන “ලිය ශක්ති” වැඩසටහන මගින් මේ වනවිට මාතර දිස්ත්‍රික්කයේ කාන්තාවන් 50,000 කට පමණ සිය ආර්ථික ශක්තිමත් බව ගොඩනගා ගැනීම සඳහා අත්කම් නිර්මාණ, ගෘහාශ්‍රිත නිෂ්පාදන, මැහුම් නිර්මාණ ආදී වූ විවිධාකාර ක්ෂේත්‍රවල ස්වයං රැකියා ආරම්භ කරීම සඳහා පුහුණුව, උපදෙස් මෙන්ම ඒවාට අවශ්‍ය වෙළෙඳ පොළක්ද නිර්මාණය කිරීම සඳහා පියවර ගෙන තිබෙනවා.

ඉදිරියේදී “ලිය ශක්ති” සාමාජිකත්වය ලබන සියළු කාන්තාවන්ට රාජ්‍ය හා පෞද්ගලික බැංකු හා මුල්‍ය ආයතන හරහා සහන ණය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් අවශ්‍ය පියවර මේ වනවිට ආරම්භ කොට ඇති අතර දේශපාලනය වෙනුවෙන් ජනතාව පෙළ ගස්වන අවස්ථාවාදී දේශපාලනය වෙනුවට ජනතාවගේ ගැටළු වලට තිරසාර පිළියම් දෙමින් ක්‍රියාත්මක වන මෙවන් වැඩසටහන් රටටම ආදර්ශයක් වන අතර අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන, දකුණු පළාත්සභාව නියෝජනය කරන පසඳ යාපා අබේවර්ධන මහත්වරුන්ගේ පුර්ණ ශක්තියෙන් හා සහෝයෝගයෙන් මෙම ආදර්ශමත් වැඩසටහන ක්‍රියාත්මකයි….

මාතර දිස්ත්‍රික්කය තුල ජිවත්වන ඔබටත් “ලිය ශක්ති” සමඟ එක්වී ඔබේ ජීවිතය “ශක්තිමත් ලියක්” ලෙස ගොඩ ගොඩනංවා ගැනීමට අවශ්‍යනම් දැන්ම පද්මිණි යාපා අබේවර්ධන මහත්මිය අමතන්න…

2020. 03.08 දින ලෝක කාන්තා දිනයට සමගාමිව මාතර උයන්වත්ත ක්‍රීඩාන්ගනයේදී පැවැත්වුණු ලියශක්ති වැඩසටහනේ චායරුප හා වීඩියෝ දර්ශන පහතින්….