අර්ජුන් මහේන්ද්‍රන් මහතාව සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකාවට බාරදීම තවදුරටත් ප්‍රමාද වන්නේ නම් ඔහු නොමැතිව බැඳුම්කර වංචාව පිළිබඳ නඩුව විභාගයට ගත යුතුය යන්න රජයේ ස්ථාවරය බව අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

ඊයේ (25) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කලේ  “සිංගප්පූරුවේ නීතිපතිවරයා විසින් අපට අර්ජුන මහේන්ද්‍රන් මහතාව බාරදීම තවත් ප්‍රමාද වෙනවා නම් ඒ නීතිමය ප්‍රශ්න තියෙනවා නම් තවත් මේක ප්‍රමාද කරන්න බැහැ, වහාම වැරදිකරුවන්ට දඩුවම් ලබාදී රජයට අය වියයුතු මුදල් අය කරගන්නට අවශ්‍යයි  මාර්තු මාසෙ නැවත නඩුව අහනවා. මාර්තු මාසෙ නඩුව අහන්න දින නියම කිරීමද අධිකරණය මේ වනවිට සිදුකොට අවසන් බවයි.