හොරකම් වංචා දුෂණ අල්ලන්නට කියා පම්පෝරි ගසමින් බලයට පැමිණි පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ එජාප ගජ මිතුරු කල්ලියේ ආරක්ෂාව හා මඟපෙන්වීම මත ශ්‍රී ලංකා මහබැංකුවේ මහා බැඳුම්කර වංචාවක් කල බව හා එයට රනිල් වික්‍රමසිංහගේ ගජ මිතුරා වන අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධ බව සියළු දෙනාට නොරහසක්.

එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂ ප්‍රධානීන්ට කොතරම් ඉල්ලීම් කලත් අදාළ වංචාවේ මහමොලකරු වූ අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකා මහබැංකු මුල් පුටුවෙන් එලවා දමන්නට නොහැකි වුයේ එවක අගමැති රනිල් හා මුදල් ඇමති රවී ඇතුළු පිරිස මහේන්ද්‍රන් රකින්නට සියළු උත්සාහයන් ගත් නිසාවෙනි.

නමුත් කුප්‍රකට මහබැංකු වංචාවේ චුදිතයා තනතුරෙන් ඉවත්කරන්නට එවක මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලක්ෂමන් යාපා අබේවර්ධන ගත් සුක්ෂම පියවරයන් හා ක්‍රියාමාර්ග නිසා සිදුවන්නට තිබු මහා වංචා රාශියක් නවත්වා ගන්නට හැකියාව ලැබුණු බව බොහෝ දෙනා නොදන්නා කරුණක්. ඒ ඇත්ත කතාව හෙළිකරන සුවිසේෂි වීඩියෝව පහතින්…