ඊයේ දිනයේදී කොලඹ කටුනායක අධිවේගී මාර්ගය ජාඇල පිවිසුමින් වසා දැමුනේ සීදුව ඝණ අපද්‍රව්‍ය මධ්‍යස්ථානයක හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් අධිවේගී මාර්ගය දුමින් වැසීයාම හේතුවෙන්. කෙසේ වෙතත් එසේ ඇතිවූ ගින්න නිවා දැමීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව , පොලිස් විශේෂ කාර්යය බළකාය , මාර්ග සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා පොලීසිය එක්ව ක්‍රියා කරමින් සිටිති.

පසුගිය රජය විසින් දැඩි ජනතා විරෝධය හමුවේ මෙම ප්‍රදේශයට කැලි කසල බැහැර කරනු ලැබූ බවත් එසේ බැහැරකළ ඝන අපද්‍රව්‍ය අන්ගනයකින් මෙම ගින්න ආරම්භ වී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. පවතින දැඩි වියලි කාලගුණය නිසා ගින්න සීග්‍රයෙන් පැතිර යන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් සමහර බංකොලොත් දේශපාලන කණ්ඩායම් මෙම සිදුවීමෙන් දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් විවිධ අසත්‍ය ප්‍රචාර පල කරමින් සිටින අතර තම රජය තිබියදී සිදුවූ වරද වත්මන් ආණ්ඩුව මත පැටවීමේ නිර්ලජ්ජිත උත්සාහයක නිරත වී සිටීම කණගාටුදායකය.